• This is default featured slide 1 title

    Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

  • This is default featured slide 2 title

    Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

  • This is default featured slide 3 title

    Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

  • This is default featured slide 4 title

    Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

  • This is default featured slide 5 title

    Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

මිනීමරු බ්ලු වේල් ගේම් එකෙන් පසු මිනිසුන් දුෂකයන් කරන අලුත්ම රේප් ගේම් එක



වර්තමාන ලෝකයේ තාක්ෂණයේ දියුණුවත් සමඟම ලොව පුරා උමතුවක් මෙන් ලොකු කුඩා කා අතරත් පරිඝනක ක්‍රීඩා ජනප්‍රියම විලාසිතාවක් වී තිබේ.ගමේ ගොඩේ දුව පැන සෙල්ලම් කළ යුගය නිමාවී පරිඝනක තිරය දෙස බලාගෙන ආරම්භ කළ කුඩා පරිඝනක ක්‍රීඩා ටිකෙන් ටික මිනිසුන් එදෙසට ඇබ්බැහි කරගැනීමට සමත් වී තිබීම මහත් ව්‍යසනයක් වෙමින් පවතින බව ලංකා වීඩියෝ සෝන් අද ඔබට පවසන මෙම තොරතුරත් සමඟම වැටහේවි.

ලොව පුරා තරුණ තරුණියන් 130 ක අධික සියදිවි නාසා ගන්න තත්වයට පත්කළ මාරක බ්ලු වේල් ගේම් එක ඔබ දන්නවා ඇති.ඇත්තෙන්ම එය මිනීමරන ක්‍රීඩාවක් නොවෙයි.එහෙත් එය නැරඹීමේදී එය අත්හදා බැලීමට තරම් දැඩි ආකර්ෂණයක් සිතට දැනීම ඇබ්බැහි වීම හා මනසින් එම ක්‍රීඩාවේ යෙදීමට උත්සහ කිරීම වැනි හේතු නිසා ව්‍යාකුල වන සිත් මිනිසුන්ව  දිවි තොර කර ගන්න තත්වයට පත්කරනවා.බ්ලු වේල් ක්‍රීඩාව නිසා මිනිසුන් දිවි තොර කර ගන්න තත්වයට පත් වූ අතර ලංකා වීඩියෝ සෝන් වෙත ලැබුණු අලුත්ම තොරතුරකට අනුව බ්ලු වේල් ගේම් එ කටත් වඩා භයානක ක්‍රීඩාවක් පැමිණ තිබීමයි.එයින් සිදුවන්නේ එම ක්‍රීඩාව බලන කවුරුන් හෝ ස්ත්‍රී දුෂකයන් වීම කිවොත් ඔබ විශ්වාස කරාවිද?

මෙම ක්‍රීඩාවේ නම රේප්ලේ.


2016 වසරේ අප්‍රේල් මස 21 වන දින ජපානය විසින් ත්‍රිමාණ සජීවිකරණ ක්‍රීඩාවක් ලෙස මෙය එළිදක්වන ලදී.මෙම ක්‍රීඩාවේ ප්‍රධාන චරිතය තරුණයෙක්.මෙම ක්‍රීඩාවේ සිදුවන්නේ ඔහු විසින් මවක් හා ඇයගේ දියණියන් දෙදෙනාව  දුෂණය කිරීමයි.ජපානයේ රේප්ලේ සජීවිකරණ සමාගම විසින් ආරම්භ කරන ලද මෙම ගේම් එක ආරම්භ කළ සැණින්ම ජපානයේ තහනමට ලක්විය.හේතුව මෙම ක්‍රීඩාවේ අන්තර්ගතය හා ක්‍රියාකාරකම් සියල්ල අතිශයින්ම වැඩිහිටියන්ට පමණක් සිමා වූ ඒවා වූ නමුත් මෙම ක්‍රීඩාව ඉලක්ක කර ඇත්තේ කුඩා දරුවන් ඇතුළු බාලවයස් කරුවන් වීමත්ය. ලංකා වීඩියෝ සෝන් වෙත ලැබුණු වාර්තාවට අනුව මෙම රේප් ගේම් එක නිකුත් වූ පසු ස්ත්‍රී දුෂණ, බලහත්කාරකම්, ආදී කාන්තා අපයෝජන වැඩි වශයෙන් වාර්තා වීමට පටන් ගෙන තිබෙනවා.ඒ සෑම අපයෝජකයෙක්ම මෙම ක්‍රීඩාව නැරඹු අය බවයි හෙළි වී තිබුණේ.


මෙම ක්‍රීඩාව නරඹද්දී තරුණියක් දුෂණය කිරීමට නියෝග දීමක් සිදුවන අතර තිරය මත තරුණියක් හා ශරීරය නැති අත්දෙකක් මතුවෙයි.එම අත් දෙක හසුරවීමට ක්‍රීඩාවේ නියැලෙන පුද්ගලයාට සිදුවේ.ඔහු මවුස් එක තරුණියගේ ශරීරයේ කොතැනට හෝ ගෙනගියත් තරුණියගේ එම ශරීර ඉන්ද්‍රිය නිරුවත් වෙනවා.ඒ සමඟම මවුසයේ ඊතලය වෙනුවට අත් දෙකක් පෙන්නුම් කරන අතර එම අත් තරුණියගේ එම ඉන්ද්‍රියත් සමඟ ස්පර්ශ වෙමින් ලිංගික හැඟීම් උත්සන්න කරන ක්‍රියාවන් සිදුකරනු ලබනවා.එම දර්ශන ලාබාල තරුණයන්ගේ මනස විකෘති වීමට සමත් වන බව අමුතුවෙන් කිව යුතු නොවෙයි.

 බ්ලුවෙල් ක්‍රීඩාවෙන් තමන්ගේ දිවි හානිකර ගන්න උත්සහ කිරීමටත් වඩා මෙම ක්‍රීඩාව ජිවිත කිහිපයක්ම දිවි නැතිකර ගන්න තත්වයට පත්කරන බව නම් ගොසිප් වීඩියෝ සෝන් ඔබට අවධාරණය කර සිටිමු.එහෙයින් පරිඝනක ක්‍රීඩාවක නියැලීමට පෙර ඒ පිළිබඳ සොයා බලන්න.මෙවැනි බිහිසුණු ක්‍රීඩා වලින් ඔබේ දරුවත් බේරගන්න දෙමාපියන් වන ඔබගේත් වගකීමයි.
Share:

විවාහවූ යුවලක් වනයකට ගොස් ලිංගික ඉරියව් නිරූපණය වන ලෙස ගත් ජායාරූපයක් ලොව කළඹයි

නෙදර්ලන්තයේ විවාහ මංගල උත්සවයක් අතරතුරදී ගන්නා ලද ජායාරූපයක් නිසා ලොව පුරා මංගල ජායාරූපකරණය නව මාවතකට යොමු වී තිබේ.


මංගල උත්සවය අතරතුරදී විවාහක යුවළ විසින් අසල පිහිටි වන ලැහැබක ලිංගික ඉරියව්වක් නිරූපණය වන අයුරින් මෙම ජායාරූපය ලබාගෙන ඇත.

ජායාරූප ශිල්පී විසින් ගන්නා ලද මෙම ජායාරූප ඔහු විසින් අන්තර්ජාලයේ පළකර ඇති අතර එය වේගයෙන් හුවමාරු වීමත් සමඟ එම යුවල වෙත ලෝකයේම අවධානය යොමු වී තිබේ.



Share:

ශ්‍රී පාදයේ නම වෙනස් වූ බව ප්‍රකාශයට පත්කරයි..


Ratnapura District Secretariat says that there’s a proposal to change the name of Sripada as "Gauthama Sripadastanaya".


  • The District Secretariat said necessary steps have been taken to announce this through a Gazette notification.
Share:

ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් වුනා....


ප්‍රතිඵල නැරැඹීමට පහත ඇති බොත්තම                    මත Click කරන්න

               

Share:

රියදුරු බලපත්‍ර ලබාදීමේ නව පෙරළියක්....

 


                    

Share:

Apple වෙතින් අතෙහි පැලදවීමට හැකි දුරකථනයක් දැන් වෙළෙඳපොළට ..




Earlier in September when Apple announced the revolutionary iPhone X, it introduced it as the "phone of the future", one that would chart a path for the smartphone industry to follow for the next decade. The device for what it's worth comes with interesting features, but none – including Apple's take on facial recognition, FaceID – can truly be called revolutionary.

However, things look to be going from bad to worse for this former maverick of the tech industry, as South Korean tech giant, Samsung, which over the years has been accused of copying features and design elements from the iPhone lineup is looking all set to come out with a revolutionary feature that the Apple will have to bring onboard the future iPhones.

If reports are to be believed, Samsung's next high-end flagship device, the Galaxy X, will come with a foldable display that would make it more of a contender to be called the phone of the future than the iPhone X. What's more, the news of this smartphone with a foldable display is not even the result of the idle churnings of the rumour mill, but rather emanates from the information shared by none other than Samsung mobile's chief, DJ Koh.

Koh had recently revealed that Samsung's long rumoured foldable display device could see the light of the day sometime in 2018. If and when this phone finally arrives, it would mark a day when the smartphone industry is truly plunged into the future. By successfully implementing foldable OLED display on phones, Samsung would mainstream a technology that could very well define the next decade of smartphone technology – much like the multi-touch display on the original iPhone did in 2007.

Though other manufacturers have also tried their hands on the technology, with Lenovo even showing off a prototype last year, its Samsung's rumoured implementation of the bendable display that for now at least looks to be head and shoulders above the rest.

Being one of the first players to try its hands at bendable displays – Samsung showed off its first prototype in 2011 – the tech giant has shown multiple concept videos of foldable mobile devices, that could fold out from a phone-sized screen to a tablet-sized one.





Why should you be excited?

The simple answer to this lies in the endless possibilities that foldable display brings with it. To the uninitiated, the idea of a foldable phone may sound like the latest gimmick from smartphone makers, but in reality, it's anything but that. Unlike the squeezable frame of the HTC U11, foldable displays could actually serve a great purpose in solving major design bottlenecks that modern day smartphones face.

A case in point is Lenovo's CPlus – a concept phone that can be wrapped around the user's wrist like a slap bracelet. No denying that it looks cool and is built to wow, but what it also does is provide a viable alternative to smartwatches. By being slapped on the user's wrist, the device instantly becomes a smartwatch, one that has more power and functionality than any smartwatch or fitness band available in the market right now.




Share:

Oreo ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය හදුන්වාදෙයි.



ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ ලෝකේ වැඩිම දෙනෙකු බාවිතා කරන මොබයිල් මෙහෙයුම් පද්ධතියයි. මෙහි නවතම සංස්කරණය 

"OREO" අද දිනයේ ගූගල් සමාගම නම් කරනු ලැබුවා. වර්තමානයේ පවතින ඇන්ඩ්‍රොයිඩ් Nougat මෙහෙයුම් පද්ධතියට පසුව android 8.0 නම්කර තිබෙන්නේAndroid O එහෙමත් නැත්නම් Android Oreo ලෙසයි. ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියට මේතාක් නම් පැමිණියේ පැණිරස කෑම වලින්, Oreo ලෙසද හදුන්වන්නේ සීනි රසැති බිස්කට් එකකි. මෙම Oreo OS එක ගූගල් විසින් ලෝකෙට හදුන්වාදුන්නේ සුර්‍යග්‍රහණයක් ඇති වන්න්නාක් මෙන් අපුරු වීඩියෝවකිනි. බලන්න එම වීඩියෝව පහතින්.



ගොඩක් දෙනෙක් මෙම මෙහෙයුම් පද්ධතියේ ඇති අලුත් වැඩ කෑලි මොනවද කියලා තමයි අවධානය යොමු කරන්නේ. බලමු ඒවා මොන්වද කියලා.
  • Picture in Picture - මෙය මගින් ඔබට ඇප්ස් 2 ක් එකවර බලන්න, ක්‍රියා කරන්න පුළුවන්. ඇත්තටම එය අලුත් දෙයක්.
  • Boot Double Speed Up - ඇන්ඩ්‍රොයිඩ් උපාංගය On වෙන වේගය දෙගුණයකින් වැඩිකර ඇත.
  • Chat කිරීමේදි යොදාගන්නා Emoji වැඩිදුයුණු කර අලුතෙන් Emoji 60 ක් ඇතුලත් කරලා තියෙනවා.


  • Notification dots - ෆෝන් එකට ලැබෙන Messages, Email, Apps Notificationවැනිදෑ අදාල ඇප් අයිකන් එක මත Tap කිරීමෙන් බලන්න සහ Clearකරන්න පුළුවන්.


  • Autofill - අපි සාමාන්‍යයෙන් මුරපද සහ මුරනාම බාවිතා කරලා පිවිසෙන ඇප්ස් වලට නැවත නැවත අදාල Login Details දෙන්න අවශ්‍ය නෑ. මෙය ඉතාමත් සුරක්ෂිත දෙයක් වගේම කාලය ඉතිරි වෙන වැඩක්.
  • Android Instant Apps - මේක තමයි ඇන්ඩ්‍රොයිඩ් වලට ආපු අලුත්ම වටිනම දෙය. කෙටියෙන්ම කියනවානම් ඇප් එකක් ඉන්ස්ටෝල් නොකර වැඩ කරගන්න පුළුවන්. Play-store එකෙන් නැතුව වෙබ් බ්‍රවුසර් එකෙන් අදාල ඇප් ලින්ක් එකක් වෙත පිවිස ඇප් එක Run කරන්න පුළුවන්.
                 මීට අමතරව Security, Apps icon, Speed යනාදියද වැඩිදුයුණු කරලා තියෙනවා.



Share:

ඩිම්බකෝෂ ආශ්‍රිතව ඇති වන පිළිකා

                ඩිම්බකෝෂ ආශ්‍රිතව ඇති වන පිළිකා

ඩිම්බ කෝෂ ආශ්‍රිත ව ඇති වන පිළිකා ස්‌ත්‍රී ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත පිළිකා අතර බහුල පිළිකා ප්‍රභේදයකි. මේ පිළිකා ප්‍රභේදය සහිත රෝගීන් ගෙන් හරි අඩක්‌ පමණ ම වයස 65ට වැඩි රෝගීන් ය.

ඩිම්බ කෝෂ ආශ්‍රිත පිළිකාවලට හේතුකාරක ලෙස අඩු වයසින් ආර්ථවය ආරම්භ වීම සහ වැඩි වයසකින් අර්ථවය නිමා වීම, පළමුවැනි දරු උත්පත්තිය ප්‍රමාද වීම (Age of first pregnancy), නොයෙකුත් හේතූන් මත හෝමෝන ප්‍රතිකාර ලෙස ලබාගැනීම (HRT) සහ ජානගත හේතූන් දැක්‌විය හැකි වේ. ජානගත හේතූන් සහ ඩිම්බ කෝෂ ආශ්‍රිත පිළිකා අතර සම්බන්ධතාව පිළිබඳ ප්‍රසිද්ධිය වැඩි වී ඇති නමුත් සමස්‌ත ප්‍රතිශතයක්‌ වශයෙන් එහි බලපෑම 10%කට අඩු වේ. ඩිම්බකෝෂවල ඇති වන පිළිකා සෛල, ප්‍රභේද ගණනාවකට අයත් නමුත් 50%ක පමණ දක්‌නට ලැබෙනුයේ Serous carcinoma ගණයට අයත් පිළිකා වේ.

ඩිම්බකෝෂ ආශ්‍රිත පිළිකා මුල් අවධි තුළ හඳුනාගැනීමට නොයකුත් ක්‍රම අත්හදා බලා ඇති නමුදු ඵලදායී ලෙස එලෙස හඳුනාගැනීමට ක්‍රමයක්‌ දැනට නොමැත. ජානගත හේතුන් (උදා-BRCA1, BRCA2) සොයාගෙන ඇති ස්‌ත්‍රීන්ට ශල්‍යකර්මයක්‌ මගින් ඩිම්බකෝෂ ඉවත් කිරීම මගින් පිළිකා ඇති වීමේ අවදානම අඩු කළ හැකි වේ.

බොහෝ විට ඩිම්බකෝෂ ආශ්‍රිත පිළිකා සොයාගන්නා අවස්‌ථාවේ ම උදරය තුළ ව්‍යාප්ත වී ඇත. මෙවන් අවස්‌ථාවල දී රෝගියා ගේ සෞඛ්‍ය තත්ත්වය අනුව මූලික ශල්‍යකර්මයක්‌ මගින් පිළිකා සෛල හැකිතාක්‌ ඉවත් කිරීම නිර්දේශ කෙරේ. මුල් අදියර ලෙස එලෙස ඉවත් කිරීම අපහසු නම් රසායනික චිකිත්සාව උපකාරයෙන් ශල්‍යකර්මයකට සුදුසු තත්ත්වයකට පත් කරගත හැකි වේ.

උදරය තුළ ව්‍යාප්ත වූ පිළිකාවක්‌ ප්‍රතිකාර තුළින් සම්පූර්ණයෙන් සුව කළ නොහැකි වුවත් ශල්‍යකර්මයේ ගුණාත්මකභාවය විසින් රෝගියා කෙතරම් කලක්‌ ජීවත් කළ හැකි ද යන්න තීරණය කරනු ලැබේ.

ශල්‍යකර්මයකින් පසුව ද රසායනික චිකිත්සාව ලබා දීම මගින් පිළිකාව නැවත හිස ඔසොවන කාලය පමා කළ හැකි ය. සාමාන්‍යයෙන් මේ සඳහා රසායනික චිකිත්සා වර්ග 2ක්‌ භාවිත කරනු ලැබේ. මාස 5ක පමණ කාලයක්‌ මෙලෙස ප්‍රතිකාර කරනු ලබන අතර පිළිකාවේ ව්‍යාප්තිය සහ ශල්‍යකර්මයෙන් ඉවත් කළ නොහැකි පිළිකා ප්‍රමාණය අනුව ජෛවීය කාරක (Biological agents) මගින් ද ප්‍රතිකාර කළ හැකි වේ. එසේ නිර්දේශ කෙරුණ හොත් වසරක පමණ කාලයක්‌ ප්‍රතිකාර කළ යුතු වේ.

ප්‍රතිකාර අතරතුර සහ ප්‍රතිකාර නිම වීමෙන් පසුව කාලානුරූපව කරනු ලබන පර්යේෂණ මගින් පිළිකාව නැවත ව්‍යාප්ත වේ දැයි පරීක්‌ෂා කළ යුතු වේ. ඩිම්බකෝෂ ආශ්‍රිත පිළිකාවල හැසිරීමේ නිර්ණායකයක්‌ ලෙස Ca125 නැමැති ලේ පරීක්‌ෂණය උපකාර කරගත හැකි වේ. රෝගය හඳුනාගන්නා අවස්‌ථාවේ Ca125 අගය ඉහළ අගයක පැවතියේ නම් මූලික ප්‍රතිකාරවලින් පසුව මේ පරීක්‌ෂණය මගින් පිළිකාව නැවත පැමිණ හිස ඔසවන්නේ දැයි පරීක්‌ෂා කළ හැකි වේ. එසේ සැක ඇති විට CT Scan පරීක්‌ෂණයක්‌ මගින් ඒ බව සනාථ කරගත යුතු වේ.

නැවත ව්‍යාප්ත වූ පිළිකාවකට රසායනික චිකිත්සාව ආධාරයෙන් ප්‍රතිකාර කළ යුතු වේ. එලෙස යොදාගත හැකි රසායනික චිකිත්සා වර්ග කිහිපයක්‌ ම ඇති අතර ප්‍රතිකාර කරන අතරතුර මාස කිහිපයකට වතාවත් කරනු ලබන CT Scan පරීක්‌ෂණයක්‌ මගින් ප්‍රතිකාරවල ඵලදායිභාවය සනාථ කරගත යුතු වේ. BRCA1, BRCA2 ආදී ජානගත හේතුන් සහිත රෝගීන් හට ප්‍රතිකාර කිරීමට PARP inhibitors (PARP නිෂේධක) නැමැති ඖෂධ වර්ගය ද උපකාර කරගත හැකි වේ.

පිළිකා නැවත ව්‍යාප්ත වීම ආම්භ වූ පසු දෙවැනි වරටත් සැත්කමකට භාජන කිරීම මඟින් රෝගියා ගේ ආයු කාලය දීර්ඝ කළ හැකි බවට සාධක නැත.

මා ගේ පෙර පළ වූ ලිපිවලින් පැහැදිලි කළ ආකාරයට පිළිකා රෝගියකුට ප්‍රතිකාර කිරීමේ දී රෝගියා ගේ ජීවිතයේ ගුණාත්මකභාවය පිළිබඳව දැඩි සැලකිල්ලක්‌ දැක්‌විය යුතු වේ. වේදනාවන් සමනය කිරීම සඳහා ප්‍රබල වේදනානාශක භාවිතය මෙන්ම, රසායනික චිකිත්සාව හේතුකොට ඇති වන අතුරු ආබාධ පාලනය කිරීම, පෝෂණ මට්‌ටම මනාව පවත්වාගැනීම මීට අදාළ වේ.

ඩිම්බකෝෂ ආශ්‍රිතව ඇති වන පිළිකා ජානගත හේතු මත ඇති වේ දැයි පරීක්‌ෂා කිරීමට අදාළ නිර්නායක ඇත. රෝගියකු එම පර්යේෂණවලට සුදුසු දැයි අදාළ පිළිකා රෝග පිළිබඳ වෛද්‍යවරයකු සමග සාකච්ඡා කළ යුතු වේ. ඒ මගින් පිළිකා සෑදීමට වැඩි ප්‍රවණතාවක්‌ ඇති ලේ නෑයන් ද හඳුනාගත හැකි අතර ඔවුන් තුළ පිළිකා ඇති වීම අවම කිරීමට අවශ්‍ය පියවර ගත හැකි වේ.


Share:

රෙදි සේදිල්ලට සහ මැදිල්ලට නව අදහසක්






Share:

ලොව හෙල්ලූ හැකරෙකුගේ සිරගත දිවිය



ලොව හෙල්ලූ හැකරෙකුගේ සිරගත දිවිය


-"ජූලියන් අසාන්ඡ්"- කිව්වම දන්නෙ නැති වුණාට -විකිලීක්‌ස්‌- ගැන නම් කවුරුත් අහල තියෙනවනෙ. මේ කියන්න යන ජූලියන් අසාන්ඡ් තමයි විකිලීක්‌ස්‌ අඩවියේ නිර්මාතෘ. ආන්දෝලනාත්මක රහස්‌ තොරතුරු හෙළිදරව් කරන වෙබ් අඩවියක්‌ වුණු විකිලීක්‌ස්‌ නිර්මාණය කළේ -ජූලියන් පෝල් අසාන්ඡ්- කියන මේ ඔස්‌ටේ්‍රලියානු ජාතික පරිගණක වැඩසටහන් නිර්මාණකරුවායි. ඒ වගේම ඔහු අති දක්‌ෂ -හැකර්- කෙනෙක්‌. 

ජූලියන් අසාන්ඡ් -හැක්‌- කරන එක පටන් ගන්නෙ 1987 -"මෙන්ඩැක්‌ස්‌"- කියන නමින්. ජූලියන් එක්‌ක වෙබ් අඩවිය හැක්‌ කරන්න තවත් දෙන්නෙක්‌ එකතු වෙලා හිටියා. මේ තුන්දෙනා එකතු වෙලා හදාගත්තු -හැකරු කල්ලිය- කඩා පැන්නේ ලේසි පාසු වෙබ් අඩවිවලට එහෙම නෙවෙයි. පෙන්ටගනයේ, ඇමරිකානු ආරක්‌ෂක දෙපාර්තමේන්තුවේ, ඇමරිකානු නාවික හමුදාවේ වගේ වෙබ් අඩවි වලටත්, තවත් ඔස්‌ටේ්‍රලියානු ප්‍රබල වෙබ් අඩවි ගණනාවකටත් ජූලියන් අසාන්ඡ්ගෙන් තර්ජන එල්ල වුණා. ඔස්‌ටේ්‍රලියාවේ උන්නු දැවැන්තම -හඳුනා නොගත් හැකර්- විදිහට නම් වුණේ ජූලියන් අසාන්ඡ් තමයි.

ජූලියන් අසාන්ඡ් ගැන ලෝකය දැනගන්න පටන් ගත්තෙ නම් එයාගෙ හැක්‌ කිරීම් නිසා නෙවෙයි. විකිලීක්‌ස්‌ වෙබ් අඩවිය නිසා. ජූලියන් -විකිලීක්‌ස්‌- වෙබ් අඩවිය නිර්මාණය කළේ 2006 අවුරුද්දේදී. හිටපු ඇමරිකානු හමුදා නිලධාරිනියක්‌ වුණු චෙල්සියා මැනින්ග් ලබා දුන්නු තොරතුරු මාලාවක්‌ විකිලීක්‌ස්‌ වෙබ් අඩවියේ පලවීමත් එක්‌ක තමයි විකිලීක්‌ස්‌ වෙබ් අඩවියත්, ජූලියන් ගැනත් ලෝකය පුරාම කතා බහක්‌ ඇති වෙන්නෙ. ඇෆ්ගනිස්‌ථානු යුද ලියකියවිලි, ඉරාක යුද ලියකියවිලි, බැග්ඩෑග් ගුවන් ප්‍රහාර වීඩියෝ, වගේ රහස්‌ තොරතුරු විකිලීක්‌ස්‌ වෙබ් අඩවියේ පලවීමත් එක්‌කම විකිලීක්‌ස්‌ වෙබ් අඩවිය ලෝකය පුරා ලොකු ආන්දෝලනයක්‌ ඇති කළා. 2010 අවුරුද්දෙදී -ලීක්‌- වුණු මේ තොරතුරු වලින් ඇති වුණ ආන්දෝලනයත් එක්‌කම ඇමරිකානු එක්‌සත් ජනපද රජය -විකිලීක්‌ස්‌වලට එරෙහිව අපරාධ පරීක්‌ෂණයක්‌ දියත් කරලා එක්‌සත් ජාතීන්ගේ සහයත් ඉල්ලා හිටියා.

ජූලියන් අසාන්ඡ් පරිගණක ශිල්පියෙක්‌ මිස මාධ්‍යවේදියෙක්‌ නොවුණත් විකිලීක්‌ස්‌ අඩවිය හරහා අසාන්ඡ් මාධ්‍යවේදියෙක්‌ බවටත් පත් වුණා. ග්වන්තනමෝ සිරකඳවුරේ තොරතුරු ගවේෂණාත්මකව වාර්තාකරණය වගේ දේවල් වලින් අසාන්ඡ් ලෝකයේ කතාබහට ලක්‌ වුණු ගවේෂණශීලී මාධ්‍යවේදියකුත් වුණා. ජූලියන් අසාන්ඡ්ගෙ The Cry of Blood ලිපිය වෙනුවෙන් ඇම්නෙස්‌ටි ඉන්ටර්නැෂනල් කියන රාජ්‍ය නොවන සංවිධානයෙන් -නව මාධ්‍ය සම්මානය- හිමිවුණා. -ජනමාධ්‍යවේදය උදෙසා වූ මාර්තා ගෙලොම් සම්මානයත් ජූලියන් අසාන්ඡ්ට ලැබුණා. ඔස්‌ටේ්‍රලියානු ජනමාධ්‍යවේදී සංවිධානයේ ගෞරව සාමාජිකත්වයත් ජූලියන් අසාන්ඡ්ට හිමිවුණා. 

-අන්තර්ජාල නිදහස වෙනුවෙන් සටන් වැදි සන්නද්ධ සොල්දාදුවා- කියලා The Age කියන පුවත්පතෙන් හඳුන්වා දුන්නු මේ පෙරළිකාර අන්තර්ජාල මාධ්‍යවේදියාගේ අපල කාලය එළඹෙන්නෙ 2008 අවුරුද්දෙදී ඇමරිකානු රහස්‌ තොරතුරු ඔහුගෙ-විකිලීක්‌ස්‌- වෙබ් අඩවිය හරහා එළිදරව් කිරීමත් එක්‌කයි. 2010 දී ජූලියන් අසාන්-ව ස්‌වීඩනයට පිටුවහල් කෙරෙනව. එහෙදි අසාන්ඡ්ට එරෙහිව ලිංගික අපචාර චෝදනා නගනව. දිගින් දිගටම ජූලියන් අසාන්ඡ් මේ චෝදනා ප්‍රතික්‌ෂේප කරනවා. ඇමරිකානු රහස්‌ තොරතුරු ප්‍රකාශයට පත්කරපු වරදට වන්දිගෙවීමේ ඊළඟ පියවර ස්‌වීඩනයෙන් තමන්ව ඇමරිකානු එක්‌සත් ජනපදයට පාවාදීමද කියලා අසාන්ඡ් සැක පහළ කරනවා. ඊට පස්‌සේ 2010 දෙසැම්බර් 07 වැනිදා ජූලියන් අසාන්ඡ් බ්‍රිතාන්‍ය පොලිසියට බාර වෙනවා. ඇප මත නිදහස්‌ කරන්න කලින් බ්‍රිතාන්‍ය පොලිසිය විසින් ජූලියන් අසාන්ඡ්ව දවස්‌ දහයක්‌ තිස්‌සේ හුදෙකලා සිරගත කිරීමකට ලක්‌ කරනවා. ඇපමත නිදහස්‌ වුණු ජූලියන් අසාන්ඡ්ට ඉක්‌වදෝරයේ දේශපාලන ආරක්‌ෂාව හිමි වෙනවා. ඒ නිසා ලන්ඩනයේ ඉක්‌වදෝර් තානාපති කාර්යාලයේ ජූලියන් අසාන්ඡ්ට නවාතැන් ලැබෙනවා. 

එදා ඉඳන් මේ වෙන තෙක්‌ ජූලියන් අසාන්ඡ් ඉන්නෙ ලන්ඩනයේ ඉක්‌වදෝර් තානාපති කාර්යාලයෙ. වුවමනා නම් එයින් පිටවෙලා යන්නත් අසාන්ඡ්ට අවසර තියෙනව. ඒත් එළියට ආපු ගමන්ම ඇප කොන්දේසි කඩකිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනීමේ අවදානමකුත් අසාන්ඡ්ට තියෙන නිසා ඔහු තව දුරටත් ඉක්‌වදෝර් තානාපති කාර්යාලයේ ආරක්‌ෂාව යටතේම රැදී ඉන්නවා. 

හතළිස්‌ හය හැවිරිදි අසාන්ඡ් දැනට අවුරුදු පහක්‌ තිස්‌සේම තානාපති කාර්යාලයේ පුංචි කොටසක තමයි ජීවත් වෙන්නෙ. ඉක්‌වදෝර් තානාපති කාර්යාලය ඇතුලේ අසාන්ඡ්ට වෙන් කෙරිලා තියෙන ඉඩ ප්‍රමාණය මීටර් 4ං4 වපසරියක්‌. අසාන්ඡ් මේ පුංචි ඉඩම දෙකට බෙදාගෙන එක කොටසක්‌ තමන්ගෙ කාර්යාලය විදිහටත් අනිත් කොටස තමන්ගෙ කාමරය විදිහටත් පාවිච්චි කරනවා. 

2012 ජූනි 18 වෙනිදා ඉදන් අසාන්ඡ් ජීවත් වෙන්නෙත්, ඔහුගෙ විකිලීක්‌ස්‌ වෙබ් අඩවියේ වැඩකටයුතු කරගෙන යන්නෙත් මේ පුංචි කාමරයේ ඉඳන්. මේ පුංචි කාමරයට කොටුවුණ ජීවිතයෙදී අසාන්ඡ්ගෙ ළඟින් ඉන්න එකම ඥාතියා පුංචි පූස්‌ පැටියෙක්‌ විතරයි. මේ පුංචි පූස්‌පැටියාට එයාගෙම කියල ට්‌විටර් එකවුන්ට්‌ එකක්‌ පවා තියන බවයි අසාන්ඡ්ගෙ තොරතුරු ගැන ඇහැගහගෙන ඉන්න මාධ්‍යවේදීන් කියන්නෙ. බොහොමයක්‌ දෙනා කියන්නෙ අසාන්ඡ් මේ බළල් පැටිය ඇති කරන්නෙත් අනියම් විදිහකින් ප්‍රසිද්ධියක්‌ ලබා ගන්න උවමනාවෙන් කියලයි. ඒත් අසාන්ඡ් නම් කියන්නෙ මේ බළල් පැටියා තමන්ගෙ දරුවන්ගෙන් ලැබුණු තෑග්ගක්‌ කියලයි. අසාන්ඡ්ට දරුවන් කීප දෙනෙක්‌ ඉන්න බව කිව්වත් ඒ අය ගැන තොරතුරු රහසිගතවම තියාගන්න අසාන්ඡ් පරිස්‌සම් වෙනවා. 

ඒ වගේම කිසිම වෙලාවක රෝහලකටවත් යන්න සිද්ධ නොවෙන්න තරමට තමන් ගැන පරිස්‌සම් වෙන්නත් අසාන්ඡ් සැලකිලිමත්. අසනීපයකටවත් ඉක්‌වදෝර් තානාපති කාර්යාලයෙන් පිටතට එන්න සිද්ධ වුණොත් තමන්ට තියෙන ආරක්‌ෂාවත් නැති වෙන බවත්, තමන්ව අත්අඩංගුවට ගැනෙන බවත් අසාන්ඡ් කියනවා. 

ජූලියන් අසාන්ඡ්ගෙ කෑම බීම ටික පවා ලැබෙන්නෙ හරිම සැලසුම් ගත ක්‍රමයකට අසාන්ඡ්ට සමීපම කෙනෙක්‌ ඔහුගෙ කෑම බීම වගේ අවශ්‍යතා ටික ගෙනවිත් දෙනවා. 

-කෑම බීම ටික පවා ගේන්නෙ හරිම පරිස්‌සමින්..-New Yorker සඟරාවට සම්මුඛ සාකච්ඡාවක්‌ දුන්නු වෙලාවක ජූලියන් අසාන්ඡ් කියනවා. -හැමදාම එකම තැනකින් කෑම ගත්තත් මගේ ජීවිතයට අනතුරක්‌ වෙන්න පුළුවන් කමක්‌ අවදානමක්‌ තියෙනව. 

අසාන්ඡ්ගෙ ජීවිතය මේ තරම් අනතුරකට වැටුණේ ඇමරිකානු රජයේ රහස්‌ ලියකියවිලි හෙළිදරව් කිරීම නිසා විතරක්‌ම නෙවෙයි. 2016 ඇමරිකානු ජනාධිපතිවරණයට සතියකට කලින් ජනපති අපේක්‌ෂිකා හිලරි ක්‌ලින්ටන්ගෙ මැතිවරණ ප්‍රචාරක කළමනාකරු වුණු ජෝන් පොඩෙස්‌ටාගෙත්, Democratic National Committee (DNC) හිත් ඊ මේල් විකිලීක්‌ස්‌ අඩවියේ පල කිරීමත් තවත් කාරණයක්‌. අසාන්ඡ් කියන්නෙ තමන්ව මරා දමන්න ක්‌ලින්ටන්ට වුවමනා වෙලා තියෙනවා කියලයි.

ලිබියාවේ කර්නල් මුවම්මර් ගඩාෆි
 මරා දැමීම ගැන පුවතට ක්‌ලින්ටන් ප්‍රතිචාර දක්‌වපු ආකාරය ගැන 2016 පෙබරවාරි මාසයේදී විකිලීක්‌ස්‌ වෙබ් අඩවියෙ ජූලියන් අසාන්ඡ් ලියා තියනවා.

-අපි ආවා. අපි දුටුවා. ඔහු මියගියා.- ඇෆ්ගනිස්‌ථානයේ කාබුල්හිදී වාර්තාකරුවන්ට හිලරි ක්‌ලින්ටන් කියනවා.

ඒ ගැන අසාන්ඡ්ගේ කතුවැකියේ මෙහෙම ලියලා තියෙනවා. -හිලරි ක්‌ලින්ටන් පිළිබද ගැටලුව වන්නේ ඇය යුධ උකුස්‌සියක්‌ වීම පමණක්‌ම නොවේ. ඇය මිනිසුන් මරා දැමීමේ අශෝභන ආශාවකින් යුක්‌ත යුද උකුස්‌සියකි. හමුදාවක්‌ බාර දෙනවා තියා ඇය ආයුධ වෙළඳ සලක්‌ ළඟවත් තැබීමට සුදුසු අයකු නොවේ. ඇය කිසිසේත් ඇමරිකාවේ ජනාධිපති පදවියට පත් නොවිය යුතුමය.-

ජූලියන් අසාන්ඡ්ගේ විකිලීක්‌ස්‌ වාර්තා ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තියටත් ජාත්‍යන්තර ප්‍රජාවටත් දැඩි ප්‍රහාරයක්‌ බව හිලරි ක්‌ලින්ටන් වතාවක්‌ ප්‍රකාශ කරලත් තියෙනව. 

විකිලීක්‌ස්‌ වලින් ලීක්‌ කරපු ඊ මේල් තමන්ගේ පරාජයට එක්‌ හේතුවක්‌ වුණා කියලත් ජනපතිවරණයෙන් පස්‌සෙ හිලරි ක්‌ලින්ටන් ප්‍රකාශ කරල තියෙනවා. 

අලුත් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දීමෙන් පස්‌සෙ ජූලියන් අසාන්ඡ් ට්‌විටර් වෙබ් අඩවිය ඔස්‌සේ තවත් ඉඟි කිරීමක්‌ කළා. ඒ ක්‍ෂA ඔත්තු සේවාවේ හැක්‌ කිරීම් පිළිබද රහස්‌ රාශියක්‌ එළිදරව් කරන බව කියලා. 

ලෝකයේ බලවත්ම රටක බලවත්ම ධුරයටත් බලපෑම් කරන්න සමත් වුණ මේ අපූරු නිර්භීත මාධ්‍යවේදියා ඊළඟට හෙළිදරව් කරන කාරණා මොන වගේ වේවිද.? අපි වගේම ඒ තොරතුරු දැනගන්න මුළු ලෝකයම බලා ඉන්නවා.

නිම්මි මුදිතා හේරත්
Share:

අපේ රට තුළ ළදරු පිටිකිරි තහනම් කරන්න වටිනවා..



ළදරු පිටිකිරි තහනම් කරන්න වටිනවා

(ඒ. එම්. කීරගල)

අපේ රට තුළ ළදරු කිරි පිටි වර්ග තහනම් කරනවා නම් ඉතා හොඳ බවත් එහෙත් කිසියම් සංකීර්ණ ක්‍රියාදාමයක ප්‍රතිඵලයක්‌ ලෙස එය සිදු නො වන බවත් කාසල් වීදිය කාන්තා රෝහලේ නව ජන්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමන් කුමාර මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ජාතික මවුකිරි දීමේ සතියට අදාළව සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේ දී පැවැති මාධ්‍ය හමුවේ දී ය. ඔහු එහි දී සිය අදහස්‌ පළ කළේ මේ අයුරිනි.

"අපේ රට තුළ ළදරු කිරි පිටි වර්ග තහනම් කරනවා නම් ඉතා ම හොඳයි. නමුත් එහෙම දෙයක්‌ වෙන්නේ නැහැ. එසේ නො වීමට හේතුව ඉතා සංකීර්ණ ක්‍රියාදාමයක ප්‍රතිඵලයක්‌. ලෝකයේ ආයුධ, ඖෂධ ආදිය සම්බන්ධ මාෆියා පවතිනවා සේ ම කිරිපිටි සම්බන්ධව ද ජාත්‍යන්තර මාෆියාවක්‌ ක්‍රියාත්මක වනවා. ළදරුවන්ට කුඩා අවධියේ දී පිටිකිරි දීම කිසිසේත් ම නො කළ යුතු ය යන්න විද්‍යාත්මක මතයයි. නමුත් අවාසනාවකට වගේ එය සම්පූර්ණයෙන් සාර්ථක වෙලා නැහැ"

මිනිසා වෙනත් සතුන් ගේ කිරි බීමට උත්සාහ ගත්තේ ඉතා ම ඈත අතීතයේ දී බවත්, එය සමහර අවස්‌ථාවල දී අසාර්ථක වූ බවත් ඔහු වැඩිදුරටත් කී ය.

සැබැවින් ම දැන් මිනිසා එළු කිරි හා හරක්‌ කිරිවලට ගිජු ව සිටිය ද ඔහු මුලින් උත්සාහ කළේ වඳුරන් ගේ රිලවුන් ගේ හා අලින් ගේ කිරි බොන්නට ය.

වඳුරන්, රිලවුන් හා අලින්, හරකුන් තරම් මෝඩ නො වූ නිසා මිනිසාට ඔවුන් ගෙන් කිරි හොරකම් කරන්නට නොහැකි වූ බව ද වෛද්‍ය සමන් කුමාර මහතා පෙන්වා දුන්නේ ය. තමා නම් මේ කිරි හඳුන්වන්නේ 'ගොං කිරි' කියා යෑයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

සැබැවින් ම උපතේ සිට මාස 6ක්‌ දක්‌වා දරුවාට මවුකිරිවලින් පමණක්‌ පෝෂණය විය හැකි ය.

දරුවාට පිටිකිරි දීම අනිටු විපාක සඳහා ඇති අවදානම වැඩි කරවයි.

ඇදුම, අසාත්මිකතාවන්, කනේ ආසාදන, ශ්වසන ආසාදන, යකඩ ඌණතා, නීරක්‌තිය, ආහාර දිරවීමේ අපහසුතා, නින්දේ දී ඇති වන හුස්‌ම ගැනීමේ ආබාධ, ළමා වියේ ඇති වන පිළිකා වර්ග, දන්තාබාධ සහ දන්ත විකෘති, පාරිසරික අපද්‍රව්‍යයන්ට නිරාවරණය වීම (දරුණු වීෂබීජ සහ හානිකර රසායන ද්‍රව්‍ය), අධි රුධිර පීඩනය සහ හෘද රෝග, දරුවාට මවුකිරි නො දෙන්නේ නම් ඇති විය හැකි අනිටු විපාක වේ.

දියවැඩියාව, අධි බර සහ ස්‌ථුලතාව, අස්‌ථි දුර්වල වීම (ඔස්‌ටියෝපොරෝසිස්‌), පියයුරු, ඩිම්බකෝෂ හා ගර්භාෂ පිළිකා, අධි රුධිර පීඩනය හා හෘදායාබාධ වැනි රෝගවලට වැඩියෙන් ගොදුරු වීමේ අවදානම මවුකිරි නො දුන් දරුවන්ට ඇති වේ.

සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේ පැවැති මේ මාධ්‍ය හමුවේ දී දෙසුමක්‌ පැවැත්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්‌ෂ ජනරාල්වරයා වන විශේෂඥ වෛද්‍ය ජයසුන්දර බණ්‌ඩාර මහතා මෙසේ පවසා සිටියේ ය.

"මැදි ආදායම් උගුලට අසු වූ අප රටත් මානව ප්‍රාග්ධනය අමතක කරලා. ඒ නිසා, මවුකිරි දීම ගැන අඩු සැලකිල්ලක්‌ දක්‌වනවා. මිනිසුන් ප්‍රාථමික සෞඛ්‍ය මට්‌ටමේ දී රෝගී වීම වැළැක්‌වීමට මවුකිරි වැදගත් වෙනවා. ඒත් අද අම්මට වඩා විශ්වාසය තබන්නේ පිටිකිරි ගැනයි, වැස්‌සියන් ගැනයි. මාධ්‍ය වශයෙන් මිනිසුන් ගේ ආකල්ප ශක්‌තිමත් කළ යුතුයි කිරි දීමේ හා බීමේ අයිතියට අදාළවයි."

ප්‍රජා වෛද්‍ය විශේෂඥ ධම්මිකා රොවෙල්, කාසල් වීදිය රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‌ෂ නලීන් ප්‍රේමදාස, ද සොයිසා රෝහලේ නව ජන්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිෂානි ලුකස්‌ මහත්මිය යන අය ද මාධ්‍ය හමුවට සහභාගි වූ හ.

මේ අතර යුනිසෙෆ් සංවිධානය විසින් රටවල් 194ක දත්ත විශ්ලේෂණය කරමින් කරන ලද අධ්‍යයනයක දී (Global Breasfeeding Scorecard) පෙනී ගොස්‌ ඇත්තේ මවු කිරි දීම සම්බන්ධයෙන් රටවල් 23ක්‌ පමණක්‌ සතුටුදායක මට්‌ටමක පවතින බවයි.

එනම් මවුවරුන් සියයට හැටකට වැඩි ප්‍රතිශතයක්‌ මාස හයක්‌ පුරා මවුකිරි පමණක්‌ දෙන්නට පෙලඹෙන රටවල් ඇත්තේ 23ක්‌ පමණක්‌ බවයි. ලංකාව ද ඒ රාජ්‍යයන් 23ට ඇතුළත් ව තිබීම අපට ආඩම්බරයට කරුණකි. එසේ වුව ද තවමත් ශ්‍රී ලංකාව වුව ද 100%ක සාර්ථකත්වයක්‌ මීට අදාළව පෙන්වා නැත.

විශේෂයෙන් ම පෞද්ගලික ආයතනවල සේවයේ යෙදෙන කිරි දෙන මවුවරුන්ට දරුවන්ට කිරි දීම සම්බන්ධ ගැටලුවලට මුහුණ දීමට සිදු ව ඇත.

මෙවර මවුකිරි දීමේ සතිය වෙනුවෙන් විශේෂ නිවේදනයක්‌ නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ යුනිසෙෆ් නියෝජිත Tim Sutton කියා සිටින්නේ මවුකිරි දීම යනු ළමයකු වෙනුවෙන් කළ හැකි ඉතා ම ඵලදායි ආයෝජනය නිසා ඒ ගැන මුළු ජනතාව ගේ ම අවධානය යොමු විය යුතු බවයි. එසේ ම ලංකාවේ මවුවරුන් ගෙන් 82%ක්‌ පූර්ණ ලෙස මවුකිරි දෙන ප්‍රවර්ගයට ඇතුළත් වීම විශාල ආඩම්බරයක්‌ බව ද ඒ තත්ත්වය තවත් ඉදිරියට යොමු කළ යුතු බවත් ඔහු කියයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත ආචාර්ය Razia Pendse අනුව ළමයින් ගේ හා මවුවරුන් ගේ නරෝගී බව රැකගැනීම සඳහා මවුකිරි දීම අත්‍යවශ්‍ය වන අතර මේ කරුණ ගැන මවුවරුන් මෙන්ම සමස්‌ත සමාජය ද දැනුවත් ව සිටිය යුතු ය.



Share:

රුව වඩන සුගන්ද චිකිත්සාව







Share:

ප්‍රේම සම්බන්ධතාවලින් ඔබේ දරුවා මුදවා ගන්න










Share:

මෙහෙම සිංදු හදන්නේ රටෙහි අනාගතයක් ගැන නොසිතන පුද්ගලයන් භව මේ වීඩියෝව බලපුවම ඔයාලටත් තේරෙයි..



                                                                                                 
Share:

ලේසියෙන්ම windows 10 install කරගන්නේ මෙන්න මේ විදියටයි....




Share:

ලොවම සරාගී කරන බිකිනි Coffee අවන්හල..












Share:

2017 ට නිර්දේශ අවුරුදු නැකත හරිද වැරදිද



අවුරුදු නැකත හරිද වැරදිද!

2017 ට නිර්දේශ කර ඇත්තේ අවමංගල නැකතකි
ආචාර්ය පියසේන රතුවිතාන

නැකතක්‌ සාදන විට අනෙක්‌ සියල්ලට වඩා සඳුගේ බලය තිරසාර විය යුතුය යනු ජ්‍යෙdතිෂ රීතියයි. අටළොස්‌ ඉසිවරුන්ම ඒ මතය අවිවාදයෙන් පිළිගෙන ඇත. හෝරාභරණයේ 2 වැනි පිටුවේ 492 වැනි ශ්ලෝකයෙහි එය සඳහන් කර ඇත. තිථිරේක ගුණාප්‍රොaක්‌තා... යනාදී ශ්ලෝකයෙන් එය විස්‌තර වේ. එම ශ්ලෝකයේ අරුත මෙසේය.

තිථියක බලය එකකි. දිනයක බලය 14 කි. නැකතෙහි බලය 16 කි. යෝගයෙහි බලය 100 කි. හිරුගේ බලය 1000 කි. සඳුගේ බලය ලක්‍ෂයකි යනු වේ. ඒ අනුව බලවත් නැකතක්‌ සෑදීමේදී සඳු නීචවීම, සඳු 6, 8,12 යන දුෂ්ට රාශියක වීම නොවිය යුතුමය. එහෙත් රජයේ නැකත් මඬුල්ල විසින් 2017 අවුරුදු නැකත සාදා ඇත්තේ තත්කාල කේන්ද්‍රයේ සඳු නීචව, 8 වැනි රාශියේ සිටින අයුරින්ය. එබඳු නැකතක්‌ හදන්නේ අවුරුදු නැකැත් සඳහා නොව මෘත දේහය තැන්පත් කළ පෙට්‌ටිය නිවසින් එළියට ගැනීමට හෙවත් මෘත කලේබරය එසවීමටය. ඒ අනුව සලකන විට නැකැත් කමිටුව නිර්දේශ කර ඇත්තේ ඉදිරි වර්ෂය සැපවත් කිරීමට උචිත නැකතක්‌ නොව අවමංගල උළෙලකට ගැලපෙන නැකතකි.

නැකැත් කමිටුව විසින් නිර්දේශිත නැකතට ළිප ගිනි මොළවා කිරි බතක්‌ පිස අනුභව කිරීම හා ගනුදෙනු කිරීම සඳහා යොදා ගත්තොත් රටම හිඟමනට පත්වෙයි. ඒ නැකතට කටයුතු කරන ජනතාවම පරිහානියේ ප්‍රපාතයට වැටෙයි. මේ දුර්මුඛ වර්ෂයයි. ගෙවී ගිය නන්දන විජය වැනි වර්ෂයන් නොව "විනාශ කාලේන විපරීත බුද්ධිඃ" යි සඳහන් කළ පිස්‌සන් සමූහයක්‌ විසින් හැදූ නැකතකි. නිශ්ශාරා පෘථිවි නිරෙඬෂධි රසා... ධර්මෝ වනන්තර ගතඃ" යි සඳහන් කළ සෘෂි පාඨයට අයත් එකකි.

නැකැත් කමිටුව 2017 අවුරුදු නැකත හදා ඇත්තේ තක්‌කාල ලග්නය මේෂය වශයෙන් ගෙන නැකතක්‌ සඳහා ඉතාම පවිත්‍රව සිටිය යුතු සඳු 8 වැන්නේ තැබීමෙනි.

තක්‌කාල කේන්ද්‍රයේ 4 අධිපති සඳු නීචව 8 වැන්නේය. 4 යනු නිවසයි. මුළුතැන් ගෙයයි. ඒ නිසා මුළුතැන්ගෙය හිමි ග්‍රහයා නීචව 8 වැන්නේ වීම පරිහානියට නෑකම් කියන්නකි. එසේම තත්කාල කේන්ද්‍රයේ බලවත්ම ග්‍රහයන් දෙදෙනා වන ගුරු - සිකුරු දෙදෙනාම දුෂ්ට රාශි වලය ලග්නයට කිසිම ශුභ දෘෂ්ටියන් නැත. ඒ නිසා අවුරුදු චාරිත්‍ර සඳහා මේෂ ලග්නය තෝරා ගැනීම ශුභ නැත.

2017 අප්‍රියෙල් 14 වැනිදා අලුයම 2.13 ට හිරු, මීන රාශියෙන් මේෂ රාශියට පිවිසෙයි. අවුරුදු නැකැත් හැදීමේ රීතිය අනුව සූර්යයා මේෂ රාශියට එළැඹීමට පෙර පැය 6 විනාඩි 24 ක්‌ කාලයේ විෂම අවස්‌ථාවයි. ඒ පැය 6 තුළ පෘථිවිය ආසන්නයේ සිටින දෙවිවරුන් පොළොව අතහැර යති. එය "නොනගතය" නමින් හැඳින්වේ. එහි අරුත තවම පැමිණියේ නැත යන්නයි. ගල්ගුහාවල කොටා ඇති අගත, අනගත, චතුදිශ,ඒ යන්න ගැන හිතන්න එහි අරුත පැමිණි නොපැමිණි යන්නයි.

සංක්‍රාන්ති සමයෙන් පසු පැය 6 වි. 24 ක්‌ තුළ අවුරුදු චාරිත්‍ර විය යුතු බව ඉසිවර මතයයි. ඒ අනුව 14 වැනිදා උ දේ 5.03 ට රවි හෝරාව උදා වෙයි. රවි ගිනි ග්‍රහයකු බැවින් ඒ හෝරාව තුළ කටයුතු ඇරැඹිය හැකිය. නෛසර්ගික ශුභ ග්‍රහයෙක්‌ උච්ච බල යුතුව ලග්නයේම වෙයි. ලග්නාධිපති වන ගුරුට ලග්නය, එකොළොස්‌ වැන්න හා 3 න් වැන්න පෙනේ. සඳු නීච වුවත් ලක්‌ෂ්මී ස්‌ථානයේය. උච්ච බලයෙන් සිටින සිකුරුගේ දෘෂ්ටිය නීච සඳුට පෙනෙයි. අමාත්‍ය කාරක 4, 5 අධිපති බුධ රාජ්‍ය කාරක රවි සමඟ යෝගව ඇත. මීන ලග්නය ගෙවී යැමට පෙර අවුරුදු චාරිත්‍ර කළ හැකිය.

මේ නිසා ළිප ගිනි දැල්වීමට, අනුභවයට, ගනුදෙනුවට රවි හෝරාවේ බුධ අන්තරය යොදා ගත හැකිය. ඒ (විනාඩි 24) ප්‍රමාණවත් නැත්නම් රවි හෝරාවේ ගුරු පංචමය යොදා ගත හැකිය. ඒ ආහාර අනුභවයටය. රවි හෝරාවේ ගුරු අන්තරය විෂ පංචම හෝරාවක්‌ බව සැබැවි. එහෙත් දෛවඥ කාමෙනුව අනුව ඒ මොහොතේ පක්‍ෂියා භෝජන ගමන අවස්‌ථාවක නම් එම පංචම විෂ හෝරා දෝෂය මගහැරේ. ඒ අනුව උදේ 5.57 ට උතුර බලා යටකී ශුභ කටයුතු සඳහා යොදා ගත හැකිය.

මනස්‌කාරක සඳුගේ පිහිටීම අනුව මිනිසකු ගේ ජීවන ගමනේදී රාශි 12 තුළදී චරිත 12 ක්‌ වෙයි. නැකැත් 27 අනුවත් එසේය. භාරතීය ජ්‍යෙdතිෂඥයේ සඳුගේ පිහිටීමට කොතරම් වැදගත්කමක්‌ දී ඇත්දැයි කියතොත් ඒ අය ලග්න කේන්ද්‍රය නොව (චන්ද්‍ර) රාශි කේන්ද්‍රය ප්‍රමුඛ කරති. සඳු ග්‍රහයා රියෑදුරෙකුට උපමා කළ හැකිය. රථය වේගයෙන් පැදවිය යුතුද නැතහොත් සෙමෙන් පැදවිය යුතුදැයි තීරණය කරනු ලබන්නේ චිත්තකාරක සඳු විසිනි.

සඳුගේ වාහනය ඇතටත්. ඇඳුමේ ශක්‌තිය, බඳපටියටත්, පැහැය, අති පවිත්‍ර සුදටත් පවරා ඇත්තේ සඳු සුවිශේෂ ග්‍රහයා බැවිනි. මවු කාරකයා චිත්තකාරකයාය. එයින් ගම්‍ය වන්නේ සඳු සුවිශේෂ ග්‍රහයා බවය. ශ්‍රීමත් භට්‌ටාචාර්යතුමාගේ චමත්කාර චින්තාමණියෙහි සඳු 8 වැන්නේ තබා හදන නැකත අශුභ බව විධත්තේ ධනං හීනං දේහං දරිද්‍රං, ජඩඃ ගෝත්‍ර හීනං නරං ශේෂ ලග්නේ යන්නෙන් ප්‍රකට වේ. එහි අරුත සඳු 8 වැන්නේ තැබීම අධම බවකි. දිළිඳුකම මතු කරන්නකි යන්නයි. අවුරුදු නැකතට අදාළ කේන්ද්‍රයේ සඳු 8 වැන්නේ තබා හදන නැකත අනුගමනය කරතොත් මුළු රටම ද්‍රරිද්‍රතාවට පත්වනු ඇත. 

"කූඩුම්බේ රතිර් පායතේ කශ්‍ය තුච්ඡං...."
යන යෙදුමෙන්ද ඒ බව සනාථ වේ.

----------------------------------------------


අපි ලබාදීපු නැකත් හරි
ජාතික නැකත් කමිටුවේ සාමාජික ඈපා පංචාංග ලිත ප්‍රධාන කර්තෘ ඉන්දික ඈපා සෙනෙවිරත්න

මේ නැකත් හැදුවේ තිස්‌ දෙනකුගෙන් යුත් කමිටුවක්‌ මගින්. අලුත් අවුරුදු නැකත් උදාව හදන්නේ රවිගේ හා චන්ද්‍රයාගේ ගමනය භාවිතා කරලා.

ඉස්‌සර අප්‍රේල් 12 හෝ 13 අලුත් අවුරුද්ද තිබුනේ. දැන් අප්‍රේල් 13 හෝ 14 දිනවල තව අවුරුදු සියයකින් 14 හෝ 15 වෙනවා. ඒක සොබාදහම.

අවුරදු සංක්‍රාන්තිය මුළු ප්‍රමාණය පැය 12 මිනිත්තු 48 ඒකට පුණ්‍ය කාලය කියලත් කියනවා.

2017 අවුරුදු චාරිත්‍ර ගත්විට අප්‍රේල් 13 දා අලුයම 2.04 නව වසර උදාවෙනවා. පුණ්‍ය කාලය පූර්ව හා අපර කොටස දෙකකට බෙදනවා. එවිට මුල් කොටස පැය 6 විනාඩි 24 ක්‌ එය ආගමික කටයුතුවලට යොදා ගන්නවා

අපර කොටස පැය 6 විනාඩි 24 තුළ ප්‍රධාන නැකත් දෙක යොදා ගන්නවා. ඒක ප්‍රධාන නිතියක්‌. ඒ ආහාර පිසීම සහ ආහාර අනුභව නැකත් ආහාර පිසීම තියෙන්නේ අප්‍රේල් 14 අලුයම 5.41 ට ඒ අනුව සිංහල ක්‍රමයට ඒ වන විට තියෙන්නේ බ්‍රහස්‌පතින්දා. ඒත් ආහාර අනුභවය වනවිට සිකුරාදා ලබලා.

ඒ අනුව අපි ලබාදීපු නැකත් හරි. මේකෙන් රටට ජනතාවට ප්‍රශ්නයක්‌ වෙන්නේ නැහැ. ඕනම නැකතක දොස්‌ දකින්න පුළුවන්. ඕනම නැකතක හොඳ වගේ ම නරක දෙක ම තියෙනවා. මේ වගේ පොදු නැකතක්‌ ගනිද්දි වඩා හොඳ නැකත අපි ගන්නේ මේ නැකත් හැදුවේ නැකත් කමිටුවෙන් ඒ වගේ කමිටුවකින් වැරදි වෙනවා අඩුයි. තනි කෙනෙක්‌ හැදුවානම් අඩු පාඩු වෙන්න පුළුවන්. ඒත් මේ වගේ නැකත් කමිටවකින් හදපු නැකත් වරදක්‌ වෙන්නේ නැහැ. මේ නිසා බය නැතුව අපි දීපු නැකත භාවිතා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

----------------------------------------------

නැකත් කමිටුව හැටියට අප දීපු නැකත් ගැන වගකියනවා
ජාතික නැකත් කමිටුවේ සාමාජික ජ්‍යෙdතිෂවේදී අසංක පිලපිටිය

අප නැකත් කමිටුව හැටියට අප දීපු නැකත් ගැන වග කියනවා. අප දීපු නැකත් හරියටම හරි. ඒ නැකත්වලින් රටටම සෞභාග්‍ය උදා වෙනවා.

ජ්‍යෙdතිෂ නීති අනුව නියම වෙලාවල් දීලා තියෙනවා.

සූර්ය සංක්‍රාන්තියෙන් පසුව පැය 6 මිනිත්තු 24 ඇතුළත හොඳම නැකත් තමයි දීලා තියෙන්නේ.

ජ්‍යෙdතිෂ වගේම ප්‍රායෝගික නැකත් බලලා මේ නැකත් දීලා තියෙන්නේ. නැකත් කමිටුවේ තිස්‌ දෙනකු පමණ ඉන්නවා. සාමාන්‍යයෙන් ඔය තීරණය ගන්න කොට 20-25 අතර ජ්‍යෙdතිෂවේදීන් ඉන්නවා.

මේව මුළු රටටම හදපු නැකත්. එක පුද්ගලයකු බලලා හදපු නැකත් නෙවෙයි. මුළු රටටම එකට එකතු වෙලා කරන්න හදපු නැකත්. මේවා සුබ මුහුර්ත නෙවෙයි. අවුරුදු චාරිත්‍ර.

ඕනම කෙනෙකුට අවශ්‍ය නම් තමන්ගේ කේන්දරේ අනුව නැකතක්‌ ගත හැකියි. පැරණි කාලයේ ගම්වල අවුරුදු නැකත දුන්නේ ඒ ඒ ගම්වල බෞද්ධ ස්‌වාමීන් වහන්සේලා මේ නැකත්වලින් නම් රටට ජනතාවට වරදක්‌ වෙන්නේ නැහැ. ජනතාව අපි කියපු නැකත් අනුව කටයුතු කරනු ඇතැයි අප විශ්වාස කරනවා.


----------------------------------------------

සියලුදෙනා දීර්ඝව සාකච්ඡා කර මේ නැකත් අනුමත කළා
ජාතික නැකත් කමිටුවේ සාමාජික ජ්‍යෙdතිෂවේදී ආනන්ද සෙනෙවිරත්න මහතා,

නැකත් කමිටුවේ සංයුතියට ලිත් කර්තෘවරු කීප දෙනෙක්‌ ඉන්නවා. ජ්‍යෙdතිෂවේදීන් ගණනාවක්‌ ඉන්නවා. මේ සියලු දෙනා දිර්ඝව සාකච්ඡා කරලා මේ නැකත් අනුමත කළේ.

සුළුතරයකගේ මතය ඉෂ්ට නොවීමයි මෙතනදී වෙලා තියෙන්නේ.

මේ අය ප්‍රශස්‌ත බව දක්‌වන්නේ මීන ලග්නය, ලග්නාධිපති බ්‍රහස්‌පති, ඒක සතුරු රාශි ගත වෙලා ඉන්නේ. ඒ නිසා ඒක ගන්න විදිහක්‌ නැහැ.

චන්ද්‍රයා අටේ ඉන්නවා කියනවා. නීච චන්ද්‍රයා අටේ හිටියට නරකක්‌ කරන්නේ නැහැ.

සූර්ය සංක්‍රාන්තිය මේ වසරේ සිදු වන්නේ මධ්‍යම රාත්‍රිය පසු වෙලා. එහෙම තිබියදී වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය යන ප්‍රධාන නැකක්‌ ගත යුත්තේ පසුදා සූර්ය උදාවෙන් පසුවයි. ප්‍රශ්නයට අදාළ දවසේ සූර්ය උදාව සිදු වන්නේ උදේ 6.03 ට එහෙම නම් අප නැකත 6.03 පසු වෙලා හදන්න බැඳිලා ඉන්නවා. එම නිසා 6.03 ට පෙර නැකත් වැරදියි. එම නිසා අප 7.05 ට නැකත දුන්නේ.

ශ්‍රී ලංකාව ස්‌වාධීන, ස්‌වෛරී රාජ්‍යයක්‌ වුණේ 1972 දී සිංහ ලග්නය උදා වෙලා පවතිද්දී, බ්‍රිතාන්‍ය කිරීටයෙන් වෙන් වුණේ සිංහ ලග්නයෙන්. ඒ නිසා සිංහ ලග්නයෙන් අට වැන්න වූ මීන ලග්නය මේ රටට සුබ නැකතක්‌ ලෙස ගන්න බැහැ.

මේ නැකත් කමිටුව පසුගිය සෑම රාජ්‍ය නායකයකුම බලයේ ඉද්දී නැකත් හදලා තියෙනවා. රාජ්‍ය නායකයා කවුරු වුණත් ඔහුට හෝ ඇයට අසුබ නැකත් ගැනීමෙන් වළකින්න නැකත් කමිටුව උපරිම උත්සහයක්‌ ගත්තා. වර්තමාන රාජ්‍ය නායකයා තුලා ලග්නයෙන් උපත ලැබුවෙක්‌. එම ලග්නයෙන් හය වැන්න මීනයයි. හයවැන්න රෝග ස්‌ථානය වගේම සතුරන් පිළිබඳ ස්‌ථානයයි. එම නිසා මීන ලග්නය ගැනීම රටට කරන ෙද්‍රdaහීකමක්‌.

----------------------------------------------

අවුරුදු නැකතේ දෝෂය රටටම හොඳ නැහැ
ආචාර්ය ජී.ඇම්. ගුණපාල 

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් සම්බන්ධයෙන් බලවත් ආන්දෝළනයක්‌ ඇත. එය ලිප ගිනි දැල්වීම හා අනුභව නැකත් පිළිබඳවය. විශේෂයෙන්ම අනුභවය හා වැඩ ඇල්ලීමේ නැකත කිසිසේත් ශාස්‌ත්‍රීයත්වයෙන් තොර රටට ජනතාවට රජයට නායක කාරකාදීන්ට අයහපත් නැකතක්‌ බව අපගේ පිළිගැනීමයි.

මෙම වෙලාවට යෙදී ඇත්තේ චරරාශියක්‌ වන මේෂය වන අතර කුජ හෙවත් අඟහරු රාහු සෙනසුරු ආදී සියලු පාපග්‍රහයන් අසුභ ලෙස පිහිටා ඇත. පාපයන් හැකිතරම් 3, 6,

10, 11 සිටීම යහපත් බව ශාස්‌ත්‍රීය නිගමනයයි. සුබ ග්‍රහයෝ කේන්දරගතවද ත්‍රිකෝණ ගතවද පාපයෝ උපචය ස්‌ථානවලද සිටීම නැකතේ බලය පෝෂණය කරන්නකි. අඟහරු 2 වැන්නේද රාහු 5ද සෙනසුරු 9 ද සිටිමින් පාපයෝ සුබ ස්‌ථානගතව පාප පලදෙන ලෙස සිටියදී මේෂයට ප්‍රබලම සුබ ඵල දෙන යෝග කාරක ග්‍රහයා වන බ්‍රහස්‌පති දුෂ්ඨ ස්‌ථානයක්‌ වන 6 වැන්නේ ඇති ලෙස නැකත යොදා ගැනීම කෙතරම් අශූභද යන්න ශාස්‌ත්‍රය දන්නෝ දනිති. අප්‍රේල් 14 උදේ 7.05 ට යොදා ගෙන ඇති මෙම විෂමාකර නැකතේ හෝරාව වී ඇත්තේ බුද හෝරාවයි. බුද යනු ලග්නාධිපතිට ඉතාමත් ප්‍රධාන විරුද්ධකාරයා වන ග්‍රහයා වන අතර එම බුද මේෂ ලග්නයට අශුභම ග්‍රහයා වෙති. පරාසර මහා සෘෂිහු මේෂයට බුද ඉතාමත් තද බල පාපයා බව පවසයි. ජ්‍යෙතිෂ්‍ය ග්‍රන්ථ අතර අග්‍රස්‌ථානයෙහිලා සලකන සරාවලියේ සඳහන් වන්නේ පාපයෝ 5 හා 9 සිට 8 වැන්න වෘශ්චිකය වී පාශ දේර්කාණය වන්නේ නම් එය මළ පුඩුqවකින් ජීවිතය විනාශ වන්නක්‌ බවය. මෙම නැකතේ එම ස්‌වභාවය සම්පූර්ණයෙන් පිහිටා ඇත.

අප අනුමත කරන නැකත 14 වැනිදා උදේ 5.53 වේ. එවිට ඇත්තේ මීන ලග්නයයි. ගුරුට අයත් මීන ලග්නයේ ගුරු 7 වැන්නේ සිට ලග්නය දකී. චන්ද්‍රයා භාග්‍යස්‌ථානයේය. එය 5 අධිපති 9 සිටීමයි. මෙය කුසලාධි කුසල යෝගයයි. ගුරු 7 වැන්නේ චන්ද්‍රයා 9 සිටීම මතම තත්කාල ග්‍රහබලය විශිෂ්ඨ බව පෙන්වයි. කුජ 3 රාහු 6 ශනි 10 නිසා උපචය ස්‌ථානවල පාපයන් සිටී. නැකතේ බලය පෝෂණය වනු ඇත. රටට රජයට ජනතාවට සිදුවන අවැඩදායක බව නිෂ්ප්‍රභා වේ. ගුරුගේ රවි පංචමය යොදා ගෙන ඇත. එය විෂ පංචමයක්‌ යෑයි පොත පතේ ඇත. එසේ නමුදු චන්ද්‍රයා පුර බලයෙන් ශූභ ස්‌ථානයක ඇත්නම් 10 අධිපති කේන්දරයේ බලවත්ව ඇතිනම් එය ඉතාමත් ප්‍රශස්‌ත බවත් සියලු විෂ දෝෂ භංග වන බවත් මුහුර්ත චින්තාමනියේ දැක්‌වේ. ලිප ගිනි දැල්වීමේ සිට අනුභවය දක්‌වා කාලය මිනිත්තු 48 ක්‌ ඇත. බුද පංචමය යොදා ගත හැකි වුවත් එවිට කාලය ප්‍රමාණවත් නොවනු ඇත. ලංකාවේ ශ්‍රෝෂ්ඨ යතිවරයාණන් වහන්සේ නමක්‌ව සිටි ක්‍රිස්‌තු වර්ෂ 1304 දී පමණ අත්නගලු විහාරාධිපතිව වැඩ විසූ අනවම දර්ශි සංඝරාජ හිමියන් ලියන ලද දෛවඥ කාමධෙනුවේ රවිගේ ගුරු පංචමය ශූභදායක බව දක්‌වා ඇත. එයිනුදු මෙම නැකත ප්‍රශස්‌ත බව කිවයුතුයි. නාරද සංහිතාවේ චන්ද්‍රයා 08 වැන්නේ තබාගැනීම ඉතාමත් අධම බව දක්‌වයි. එහි විවාහ ප්‍රකරන කොටසේ සඳු සිටීම ගැන සඳහන් කරතත් එය මෙයට අදාළ නැත. චන්ද්‍රdෂ්ඨ මංච ධරනි මනාර්ථ හානි මරණානි යනුවෙන් දැක්‌වෙන පරිදි චන්ද්‍රයා 8 වැන්නේ තබා යොදා ගැනීමට අනුමත කළ දුෂ්‍ය නැකතට වඩා අප නිර්දේශ කරන නැකත සියදහස්‌ ගුණයක්‌ ශ්‍රෝෂ්ඨ වෙති.

මේ අනුව 2017 අප්‍රේල් 14 වැනිදා උදේ 05.05 ට උතුරබලා ලිප ගනි දැල්වීමද 5.53 ට ආහාර අනුභවය හා වැඩ ඇල්ලීමද ඉතාමත් ප්‍රශස්‌තවන අතර රන්වන් වස්‌ත්‍රාභරණයෙන් සැරසී කටයුතු කළ යුතුය. 

ඔබ ඔබට දේශයට රටේ යහපත් පැවැත්මට හිතෛශී වන්නේ නම් මෙම නැකත යොදා ගැනීමට උත්සුක වන්න.

----------------------


වාස්‌තු විද්‍යානුකූලව පදිංචියට 
ප්‍රදේශය තෝරාගන්නේ මෙහෙමයි

නිවසක්‌ ඉදිකිරීම සඳහා තමාට සුදුසු ප්‍රදේශයක්‌ තෝරාගැනීම පළමුවෙන්ම කළ යුතු කාරිය වේ. මේ තෝරා ගැනීම දෙවැදැරුම්ය. පළමු වැන්න තමා නිවස ඉදිකරන ප්‍රදේශයේ තම එදිනෙදා කටයුතුවලට පහසු යහපත් ප්‍රදේශයක්‌ වීමයි. එයින් අදහස්‌ කළේ එම ප්‍රදේශය තුළ වෙළෙඳ පහසුකම්, ආරෝග්‍යශාල පහසුකම්, අධ්‍යාපන පහසුකම්, මාර්ග පහසුකම් යනාදියට අමතරව සොර බිය නැතිවීම, නූගතුන් වෙසෙන පෙදෙසක්‌ නොවීම, සුසානයක්‌, ගංගාවක්‌ පිටාර ගලන ප්‍රදේශයක්‌ හෝ කඳු පාමුලක්‌ වැනි තැනක්‌ නොවීම වැනි අනතුරු ස්‌ථානවලින් බැහැර ප්‍රදේශයක්‌ විය යුතුය. එම සුදුසුකම් වාස්‌තු විද්‍යාවට ඇතුළත් නොවූවත් එමඟින් ජීවත් වීමට සුදුසු වාතාවරණයක්‌ සැලසෙන බැවිනි.

එයට අමතරව ජන්මියාගේ දෛවයට ඔරොත්තු දෙන ප්‍රදේශයක - නගරයක - ගමක බිමක තෝරා ගැනීමට උනන්දු විය යුතු වෙයි. මේ සඳහා ගෙය ගොඩනඟන්නාගේ ජන්ම නැකතට හෝ අභිදාන නැකතට ගැලපෙන අයුරින් ප්‍රදේශය තෝරාගැනීමයි. ඒ සඳහා රීතිය මෙසේය.

පියදාස නමැත්තා ගෙයක්‌ ඉදිකිරීමට සූදානම් වෙතැයි උපකල්පනය කරමු. පියදාසගේ මුල් අක්‌ෂරය "පී" අකුර වේ. තිරසර ලිතේ 32 වැනි පිටුවේ නැකැත් හිමි පාද හා අක්‌ෂර යන සටහන බලන්න. එයම ඈපා ලිතේ 70 පිටුවේත් සඳහන්ය. එම සටහන අනුව "පී" අක්‌ෂරය යෙදී ඇත්තේ, උත්‍රපල් නැකතේ 4 වැනි පාදයටය. උත්‍රපල් නැකතේ 4 වැනි පාදය අයත් වන්නේ කන්‍යා ලග්නයටය. ඒ බව මතකයෙන් පෙර දැනුමෙන් මතුකර ගැනීම අමාරු නම් ලංකා ග්‍රහ ස්‌ඵුට ලිතේ 16 වැනි පිටුවේ සඳහන් "ලග්න හා ග්‍රහ ස්‌ඵුට" අනුව නවාංශක හා නැකැත් පාද දක්‌වන සටහන බලන්න.

පියදාසයේ නමේ මුල අකුර වන "පී" යන්න උත්‍රපල් නැකතට අයත් වීමත්, උත්‍රපල් නැකැත කන්‍යා ලග්නයට අයත් වන එකක්‌ බවත් මතක තබාගෙන ඊළඟ පියවරට යමු.

පියදාස ගෙය ගොඩනඟන්නේ මහරගම යෑයි ඊළඟට උපකල්පනය කරමු. මහරගම යන ග්‍රාම නාමයේ මුල් අකුර "ම" අක්‌ෂරය අයත් වන්නේ මා නැකතේ පළමු පාදයට බවත් "මා" නැකත අයත් වන්නේ සිංහ ලග්නයට බවත් පළමු සටහන් ඇසුරෙන් අවබෝධ කරගත හැකිය.

දැන් පියදාසගේ නමට අයත් කන්‍යාවේ සිට මහරගමට අයත් සිංහය දක්‌වා ලග්න ගණින විට, (කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන, මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ වශයෙන්) 12 වැනි ලග්නයට වැටේ කේන්ද්‍ර සටහනක 12 වැන්න වැය ස්‌ථානය වන සේම නිවසේ නැකත් හිමිකම 12 ට වැටෙන විට ඒ ගෙයි වාසයට අවස්‌ථාවක්‌ නොලැබෙන්නටත් ඉඩ ඇත.

වාස්‌තු විද්‍යා රීතියට අනුව 1 සහ 7 යන ලග්නයට වැටුණොත් වෛරය ඇති කරන බව ද, 3, 6 වශයෙන් යෙදුනොත් හානිය ද, 4,8,12 වශයෙන් යෙදුනොත් විවිධ රෝගවලට භාජනය වන බව ද දැක්‌වේ. 2,5,9,10,11 යන සංඛ්‍යාවකට වැටුනොත් පොදුවේ යහපත් බව ද දැක්‌වේ.

අවබෝධයේ පහසුව සඳහ අපි නැකැත් පාද දැක්‌වෙන වගු සටහන සහ නැකතට අයත් අක්‌ෂර දැක්‌වෙන වගු සටහන් මෙහි ලා සටහන් කරමු.

* ආචාර්ය පියසේන රතුවිතාන

ඉතිරි කොටස ලබන සතියේ
Share:

Chicken Scream Game / මොබයිල් ෆෝන් පිස්සු වට්ටන අලුත් ගේම් එක.


මොබයිල් ෆෝන් පිස්සු වට්ටන අලුත් ගේම් එක.

කාලෙන් කාලෙට මොබයිල් ගේම් මගින් අලුත් ගේම් කරළියට පැමිණෙනවා. Angry bird, Flappy Bird වගේ ගේම් ගැන ඔයාලා දන්නවානේ. ඔන්න මේ හදුන්වාදෙන
ගේම් එකේ නම තමයි Chicken Scream. මේ ගේම් එකේ විශේෂත්වය තමයි  කටහඩට අනුව සෙල්ලම් කරන්න පුළුවන් වීම. අද දවසේ හදුන්වාදුන් මෙම ගේම් එක ප්ලේ ස්ටෝ සහ ඇපල් ඇප්ස්ටෝ වෙතින් ලක්ෂ ගානක් දෙනා ඩවුන්ලෝඩ් කරලා තිබෙනවා. බලන්න ගේම් ප්ලේ වීඩියෝවක්.


මේ අපූරු ගේම් එක ඇන්ඩ්‍රොයිඩ් සඳහා  බාගන්න.




ඇපල් අයිෆෝන් සඳහා බාගන්න.




Share:

Ordered List

  1. Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit.
  2. Aliquam tincidunt mauris eu risus.
  3. Vestibulum auctor dapibus neque.

Sample Text

Lorem ipsum dolor sit amet, consectetur adipisicing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua. Ut enim ad minim veniam, quis nostrud exercitation test link ullamco laboris nisi ut aliquip ex ea commodo consequat.

Definition List

Definition list
Consectetur adipisicing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua.
Lorem ipsum dolor sit amet
Consectetur adipisicing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua.

Support

Need our help to upload or customize this blogger template? Contact me with details about the theme customization you need.

Pages