2017 ට නිර්දේශ අවුරුදු නැකත හරිද වැරදිද



අවුරුදු නැකත හරිද වැරදිද!

2017 ට නිර්දේශ කර ඇත්තේ අවමංගල නැකතකි
ආචාර්ය පියසේන රතුවිතාන

නැකතක්‌ සාදන විට අනෙක්‌ සියල්ලට වඩා සඳුගේ බලය තිරසාර විය යුතුය යනු ජ්‍යෙdතිෂ රීතියයි. අටළොස්‌ ඉසිවරුන්ම ඒ මතය අවිවාදයෙන් පිළිගෙන ඇත. හෝරාභරණයේ 2 වැනි පිටුවේ 492 වැනි ශ්ලෝකයෙහි එය සඳහන් කර ඇත. තිථිරේක ගුණාප්‍රොaක්‌තා... යනාදී ශ්ලෝකයෙන් එය විස්‌තර වේ. එම ශ්ලෝකයේ අරුත මෙසේය.

තිථියක බලය එකකි. දිනයක බලය 14 කි. නැකතෙහි බලය 16 කි. යෝගයෙහි බලය 100 කි. හිරුගේ බලය 1000 කි. සඳුගේ බලය ලක්‍ෂයකි යනු වේ. ඒ අනුව බලවත් නැකතක්‌ සෑදීමේදී සඳු නීචවීම, සඳු 6, 8,12 යන දුෂ්ට රාශියක වීම නොවිය යුතුමය. එහෙත් රජයේ නැකත් මඬුල්ල විසින් 2017 අවුරුදු නැකත සාදා ඇත්තේ තත්කාල කේන්ද්‍රයේ සඳු නීචව, 8 වැනි රාශියේ සිටින අයුරින්ය. එබඳු නැකතක්‌ හදන්නේ අවුරුදු නැකැත් සඳහා නොව මෘත දේහය තැන්පත් කළ පෙට්‌ටිය නිවසින් එළියට ගැනීමට හෙවත් මෘත කලේබරය එසවීමටය. ඒ අනුව සලකන විට නැකැත් කමිටුව නිර්දේශ කර ඇත්තේ ඉදිරි වර්ෂය සැපවත් කිරීමට උචිත නැකතක්‌ නොව අවමංගල උළෙලකට ගැලපෙන නැකතකි.

නැකැත් කමිටුව විසින් නිර්දේශිත නැකතට ළිප ගිනි මොළවා කිරි බතක්‌ පිස අනුභව කිරීම හා ගනුදෙනු කිරීම සඳහා යොදා ගත්තොත් රටම හිඟමනට පත්වෙයි. ඒ නැකතට කටයුතු කරන ජනතාවම පරිහානියේ ප්‍රපාතයට වැටෙයි. මේ දුර්මුඛ වර්ෂයයි. ගෙවී ගිය නන්දන විජය වැනි වර්ෂයන් නොව "විනාශ කාලේන විපරීත බුද්ධිඃ" යි සඳහන් කළ පිස්‌සන් සමූහයක්‌ විසින් හැදූ නැකතකි. නිශ්ශාරා පෘථිවි නිරෙඬෂධි රසා... ධර්මෝ වනන්තර ගතඃ" යි සඳහන් කළ සෘෂි පාඨයට අයත් එකකි.

නැකැත් කමිටුව 2017 අවුරුදු නැකත හදා ඇත්තේ තක්‌කාල ලග්නය මේෂය වශයෙන් ගෙන නැකතක්‌ සඳහා ඉතාම පවිත්‍රව සිටිය යුතු සඳු 8 වැන්නේ තැබීමෙනි.

තක්‌කාල කේන්ද්‍රයේ 4 අධිපති සඳු නීචව 8 වැන්නේය. 4 යනු නිවසයි. මුළුතැන් ගෙයයි. ඒ නිසා මුළුතැන්ගෙය හිමි ග්‍රහයා නීචව 8 වැන්නේ වීම පරිහානියට නෑකම් කියන්නකි. එසේම තත්කාල කේන්ද්‍රයේ බලවත්ම ග්‍රහයන් දෙදෙනා වන ගුරු - සිකුරු දෙදෙනාම දුෂ්ට රාශි වලය ලග්නයට කිසිම ශුභ දෘෂ්ටියන් නැත. ඒ නිසා අවුරුදු චාරිත්‍ර සඳහා මේෂ ලග්නය තෝරා ගැනීම ශුභ නැත.

2017 අප්‍රියෙල් 14 වැනිදා අලුයම 2.13 ට හිරු, මීන රාශියෙන් මේෂ රාශියට පිවිසෙයි. අවුරුදු නැකැත් හැදීමේ රීතිය අනුව සූර්යයා මේෂ රාශියට එළැඹීමට පෙර පැය 6 විනාඩි 24 ක්‌ කාලයේ විෂම අවස්‌ථාවයි. ඒ පැය 6 තුළ පෘථිවිය ආසන්නයේ සිටින දෙවිවරුන් පොළොව අතහැර යති. එය "නොනගතය" නමින් හැඳින්වේ. එහි අරුත තවම පැමිණියේ නැත යන්නයි. ගල්ගුහාවල කොටා ඇති අගත, අනගත, චතුදිශ,ඒ යන්න ගැන හිතන්න එහි අරුත පැමිණි නොපැමිණි යන්නයි.

සංක්‍රාන්ති සමයෙන් පසු පැය 6 වි. 24 ක්‌ තුළ අවුරුදු චාරිත්‍ර විය යුතු බව ඉසිවර මතයයි. ඒ අනුව 14 වැනිදා උ දේ 5.03 ට රවි හෝරාව උදා වෙයි. රවි ගිනි ග්‍රහයකු බැවින් ඒ හෝරාව තුළ කටයුතු ඇරැඹිය හැකිය. නෛසර්ගික ශුභ ග්‍රහයෙක්‌ උච්ච බල යුතුව ලග්නයේම වෙයි. ලග්නාධිපති වන ගුරුට ලග්නය, එකොළොස්‌ වැන්න හා 3 න් වැන්න පෙනේ. සඳු නීච වුවත් ලක්‌ෂ්මී ස්‌ථානයේය. උච්ච බලයෙන් සිටින සිකුරුගේ දෘෂ්ටිය නීච සඳුට පෙනෙයි. අමාත්‍ය කාරක 4, 5 අධිපති බුධ රාජ්‍ය කාරක රවි සමඟ යෝගව ඇත. මීන ලග්නය ගෙවී යැමට පෙර අවුරුදු චාරිත්‍ර කළ හැකිය.

මේ නිසා ළිප ගිනි දැල්වීමට, අනුභවයට, ගනුදෙනුවට රවි හෝරාවේ බුධ අන්තරය යොදා ගත හැකිය. ඒ (විනාඩි 24) ප්‍රමාණවත් නැත්නම් රවි හෝරාවේ ගුරු පංචමය යොදා ගත හැකිය. ඒ ආහාර අනුභවයටය. රවි හෝරාවේ ගුරු අන්තරය විෂ පංචම හෝරාවක්‌ බව සැබැවි. එහෙත් දෛවඥ කාමෙනුව අනුව ඒ මොහොතේ පක්‍ෂියා භෝජන ගමන අවස්‌ථාවක නම් එම පංචම විෂ හෝරා දෝෂය මගහැරේ. ඒ අනුව උදේ 5.57 ට උතුර බලා යටකී ශුභ කටයුතු සඳහා යොදා ගත හැකිය.

මනස්‌කාරක සඳුගේ පිහිටීම අනුව මිනිසකු ගේ ජීවන ගමනේදී රාශි 12 තුළදී චරිත 12 ක්‌ වෙයි. නැකැත් 27 අනුවත් එසේය. භාරතීය ජ්‍යෙdතිෂඥයේ සඳුගේ පිහිටීමට කොතරම් වැදගත්කමක්‌ දී ඇත්දැයි කියතොත් ඒ අය ලග්න කේන්ද්‍රය නොව (චන්ද්‍ර) රාශි කේන්ද්‍රය ප්‍රමුඛ කරති. සඳු ග්‍රහයා රියෑදුරෙකුට උපමා කළ හැකිය. රථය වේගයෙන් පැදවිය යුතුද නැතහොත් සෙමෙන් පැදවිය යුතුදැයි තීරණය කරනු ලබන්නේ චිත්තකාරක සඳු විසිනි.

සඳුගේ වාහනය ඇතටත්. ඇඳුමේ ශක්‌තිය, බඳපටියටත්, පැහැය, අති පවිත්‍ර සුදටත් පවරා ඇත්තේ සඳු සුවිශේෂ ග්‍රහයා බැවිනි. මවු කාරකයා චිත්තකාරකයාය. එයින් ගම්‍ය වන්නේ සඳු සුවිශේෂ ග්‍රහයා බවය. ශ්‍රීමත් භට්‌ටාචාර්යතුමාගේ චමත්කාර චින්තාමණියෙහි සඳු 8 වැන්නේ තබා හදන නැකත අශුභ බව විධත්තේ ධනං හීනං දේහං දරිද්‍රං, ජඩඃ ගෝත්‍ර හීනං නරං ශේෂ ලග්නේ යන්නෙන් ප්‍රකට වේ. එහි අරුත සඳු 8 වැන්නේ තැබීම අධම බවකි. දිළිඳුකම මතු කරන්නකි යන්නයි. අවුරුදු නැකතට අදාළ කේන්ද්‍රයේ සඳු 8 වැන්නේ තබා හදන නැකත අනුගමනය කරතොත් මුළු රටම ද්‍රරිද්‍රතාවට පත්වනු ඇත. 

"කූඩුම්බේ රතිර් පායතේ කශ්‍ය තුච්ඡං...."
යන යෙදුමෙන්ද ඒ බව සනාථ වේ.

----------------------------------------------


අපි ලබාදීපු නැකත් හරි
ජාතික නැකත් කමිටුවේ සාමාජික ඈපා පංචාංග ලිත ප්‍රධාන කර්තෘ ඉන්දික ඈපා සෙනෙවිරත්න

මේ නැකත් හැදුවේ තිස්‌ දෙනකුගෙන් යුත් කමිටුවක්‌ මගින්. අලුත් අවුරුදු නැකත් උදාව හදන්නේ රවිගේ හා චන්ද්‍රයාගේ ගමනය භාවිතා කරලා.

ඉස්‌සර අප්‍රේල් 12 හෝ 13 අලුත් අවුරුද්ද තිබුනේ. දැන් අප්‍රේල් 13 හෝ 14 දිනවල තව අවුරුදු සියයකින් 14 හෝ 15 වෙනවා. ඒක සොබාදහම.

අවුරදු සංක්‍රාන්තිය මුළු ප්‍රමාණය පැය 12 මිනිත්තු 48 ඒකට පුණ්‍ය කාලය කියලත් කියනවා.

2017 අවුරුදු චාරිත්‍ර ගත්විට අප්‍රේල් 13 දා අලුයම 2.04 නව වසර උදාවෙනවා. පුණ්‍ය කාලය පූර්ව හා අපර කොටස දෙකකට බෙදනවා. එවිට මුල් කොටස පැය 6 විනාඩි 24 ක්‌ එය ආගමික කටයුතුවලට යොදා ගන්නවා

අපර කොටස පැය 6 විනාඩි 24 තුළ ප්‍රධාන නැකත් දෙක යොදා ගන්නවා. ඒක ප්‍රධාන නිතියක්‌. ඒ ආහාර පිසීම සහ ආහාර අනුභව නැකත් ආහාර පිසීම තියෙන්නේ අප්‍රේල් 14 අලුයම 5.41 ට ඒ අනුව සිංහල ක්‍රමයට ඒ වන විට තියෙන්නේ බ්‍රහස්‌පතින්දා. ඒත් ආහාර අනුභවය වනවිට සිකුරාදා ලබලා.

ඒ අනුව අපි ලබාදීපු නැකත් හරි. මේකෙන් රටට ජනතාවට ප්‍රශ්නයක්‌ වෙන්නේ නැහැ. ඕනම නැකතක දොස්‌ දකින්න පුළුවන්. ඕනම නැකතක හොඳ වගේ ම නරක දෙක ම තියෙනවා. මේ වගේ පොදු නැකතක්‌ ගනිද්දි වඩා හොඳ නැකත අපි ගන්නේ මේ නැකත් හැදුවේ නැකත් කමිටුවෙන් ඒ වගේ කමිටුවකින් වැරදි වෙනවා අඩුයි. තනි කෙනෙක්‌ හැදුවානම් අඩු පාඩු වෙන්න පුළුවන්. ඒත් මේ වගේ නැකත් කමිටවකින් හදපු නැකත් වරදක්‌ වෙන්නේ නැහැ. මේ නිසා බය නැතුව අපි දීපු නැකත භාවිතා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

----------------------------------------------

නැකත් කමිටුව හැටියට අප දීපු නැකත් ගැන වගකියනවා
ජාතික නැකත් කමිටුවේ සාමාජික ජ්‍යෙdතිෂවේදී අසංක පිලපිටිය

අප නැකත් කමිටුව හැටියට අප දීපු නැකත් ගැන වග කියනවා. අප දීපු නැකත් හරියටම හරි. ඒ නැකත්වලින් රටටම සෞභාග්‍ය උදා වෙනවා.

ජ්‍යෙdතිෂ නීති අනුව නියම වෙලාවල් දීලා තියෙනවා.

සූර්ය සංක්‍රාන්තියෙන් පසුව පැය 6 මිනිත්තු 24 ඇතුළත හොඳම නැකත් තමයි දීලා තියෙන්නේ.

ජ්‍යෙdතිෂ වගේම ප්‍රායෝගික නැකත් බලලා මේ නැකත් දීලා තියෙන්නේ. නැකත් කමිටුවේ තිස්‌ දෙනකු පමණ ඉන්නවා. සාමාන්‍යයෙන් ඔය තීරණය ගන්න කොට 20-25 අතර ජ්‍යෙdතිෂවේදීන් ඉන්නවා.

මේව මුළු රටටම හදපු නැකත්. එක පුද්ගලයකු බලලා හදපු නැකත් නෙවෙයි. මුළු රටටම එකට එකතු වෙලා කරන්න හදපු නැකත්. මේවා සුබ මුහුර්ත නෙවෙයි. අවුරුදු චාරිත්‍ර.

ඕනම කෙනෙකුට අවශ්‍ය නම් තමන්ගේ කේන්දරේ අනුව නැකතක්‌ ගත හැකියි. පැරණි කාලයේ ගම්වල අවුරුදු නැකත දුන්නේ ඒ ඒ ගම්වල බෞද්ධ ස්‌වාමීන් වහන්සේලා මේ නැකත්වලින් නම් රටට ජනතාවට වරදක්‌ වෙන්නේ නැහැ. ජනතාව අපි කියපු නැකත් අනුව කටයුතු කරනු ඇතැයි අප විශ්වාස කරනවා.


----------------------------------------------

සියලුදෙනා දීර්ඝව සාකච්ඡා කර මේ නැකත් අනුමත කළා
ජාතික නැකත් කමිටුවේ සාමාජික ජ්‍යෙdතිෂවේදී ආනන්ද සෙනෙවිරත්න මහතා,

නැකත් කමිටුවේ සංයුතියට ලිත් කර්තෘවරු කීප දෙනෙක්‌ ඉන්නවා. ජ්‍යෙdතිෂවේදීන් ගණනාවක්‌ ඉන්නවා. මේ සියලු දෙනා දිර්ඝව සාකච්ඡා කරලා මේ නැකත් අනුමත කළේ.

සුළුතරයකගේ මතය ඉෂ්ට නොවීමයි මෙතනදී වෙලා තියෙන්නේ.

මේ අය ප්‍රශස්‌ත බව දක්‌වන්නේ මීන ලග්නය, ලග්නාධිපති බ්‍රහස්‌පති, ඒක සතුරු රාශි ගත වෙලා ඉන්නේ. ඒ නිසා ඒක ගන්න විදිහක්‌ නැහැ.

චන්ද්‍රයා අටේ ඉන්නවා කියනවා. නීච චන්ද්‍රයා අටේ හිටියට නරකක්‌ කරන්නේ නැහැ.

සූර්ය සංක්‍රාන්තිය මේ වසරේ සිදු වන්නේ මධ්‍යම රාත්‍රිය පසු වෙලා. එහෙම තිබියදී වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය යන ප්‍රධාන නැකක්‌ ගත යුත්තේ පසුදා සූර්ය උදාවෙන් පසුවයි. ප්‍රශ්නයට අදාළ දවසේ සූර්ය උදාව සිදු වන්නේ උදේ 6.03 ට එහෙම නම් අප නැකත 6.03 පසු වෙලා හදන්න බැඳිලා ඉන්නවා. එම නිසා 6.03 ට පෙර නැකත් වැරදියි. එම නිසා අප 7.05 ට නැකත දුන්නේ.

ශ්‍රී ලංකාව ස්‌වාධීන, ස්‌වෛරී රාජ්‍යයක්‌ වුණේ 1972 දී සිංහ ලග්නය උදා වෙලා පවතිද්දී, බ්‍රිතාන්‍ය කිරීටයෙන් වෙන් වුණේ සිංහ ලග්නයෙන්. ඒ නිසා සිංහ ලග්නයෙන් අට වැන්න වූ මීන ලග්නය මේ රටට සුබ නැකතක්‌ ලෙස ගන්න බැහැ.

මේ නැකත් කමිටුව පසුගිය සෑම රාජ්‍ය නායකයකුම බලයේ ඉද්දී නැකත් හදලා තියෙනවා. රාජ්‍ය නායකයා කවුරු වුණත් ඔහුට හෝ ඇයට අසුබ නැකත් ගැනීමෙන් වළකින්න නැකත් කමිටුව උපරිම උත්සහයක්‌ ගත්තා. වර්තමාන රාජ්‍ය නායකයා තුලා ලග්නයෙන් උපත ලැබුවෙක්‌. එම ලග්නයෙන් හය වැන්න මීනයයි. හයවැන්න රෝග ස්‌ථානය වගේම සතුරන් පිළිබඳ ස්‌ථානයයි. එම නිසා මීන ලග්නය ගැනීම රටට කරන ෙද්‍රdaහීකමක්‌.

----------------------------------------------

අවුරුදු නැකතේ දෝෂය රටටම හොඳ නැහැ
ආචාර්ය ජී.ඇම්. ගුණපාල 

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් සම්බන්ධයෙන් බලවත් ආන්දෝළනයක්‌ ඇත. එය ලිප ගිනි දැල්වීම හා අනුභව නැකත් පිළිබඳවය. විශේෂයෙන්ම අනුභවය හා වැඩ ඇල්ලීමේ නැකත කිසිසේත් ශාස්‌ත්‍රීයත්වයෙන් තොර රටට ජනතාවට රජයට නායක කාරකාදීන්ට අයහපත් නැකතක්‌ බව අපගේ පිළිගැනීමයි.

මෙම වෙලාවට යෙදී ඇත්තේ චරරාශියක්‌ වන මේෂය වන අතර කුජ හෙවත් අඟහරු රාහු සෙනසුරු ආදී සියලු පාපග්‍රහයන් අසුභ ලෙස පිහිටා ඇත. පාපයන් හැකිතරම් 3, 6,

10, 11 සිටීම යහපත් බව ශාස්‌ත්‍රීය නිගමනයයි. සුබ ග්‍රහයෝ කේන්දරගතවද ත්‍රිකෝණ ගතවද පාපයෝ උපචය ස්‌ථානවලද සිටීම නැකතේ බලය පෝෂණය කරන්නකි. අඟහරු 2 වැන්නේද රාහු 5ද සෙනසුරු 9 ද සිටිමින් පාපයෝ සුබ ස්‌ථානගතව පාප පලදෙන ලෙස සිටියදී මේෂයට ප්‍රබලම සුබ ඵල දෙන යෝග කාරක ග්‍රහයා වන බ්‍රහස්‌පති දුෂ්ඨ ස්‌ථානයක්‌ වන 6 වැන්නේ ඇති ලෙස නැකත යොදා ගැනීම කෙතරම් අශූභද යන්න ශාස්‌ත්‍රය දන්නෝ දනිති. අප්‍රේල් 14 උදේ 7.05 ට යොදා ගෙන ඇති මෙම විෂමාකර නැකතේ හෝරාව වී ඇත්තේ බුද හෝරාවයි. බුද යනු ලග්නාධිපතිට ඉතාමත් ප්‍රධාන විරුද්ධකාරයා වන ග්‍රහයා වන අතර එම බුද මේෂ ලග්නයට අශුභම ග්‍රහයා වෙති. පරාසර මහා සෘෂිහු මේෂයට බුද ඉතාමත් තද බල පාපයා බව පවසයි. ජ්‍යෙතිෂ්‍ය ග්‍රන්ථ අතර අග්‍රස්‌ථානයෙහිලා සලකන සරාවලියේ සඳහන් වන්නේ පාපයෝ 5 හා 9 සිට 8 වැන්න වෘශ්චිකය වී පාශ දේර්කාණය වන්නේ නම් එය මළ පුඩුqවකින් ජීවිතය විනාශ වන්නක්‌ බවය. මෙම නැකතේ එම ස්‌වභාවය සම්පූර්ණයෙන් පිහිටා ඇත.

අප අනුමත කරන නැකත 14 වැනිදා උදේ 5.53 වේ. එවිට ඇත්තේ මීන ලග්නයයි. ගුරුට අයත් මීන ලග්නයේ ගුරු 7 වැන්නේ සිට ලග්නය දකී. චන්ද්‍රයා භාග්‍යස්‌ථානයේය. එය 5 අධිපති 9 සිටීමයි. මෙය කුසලාධි කුසල යෝගයයි. ගුරු 7 වැන්නේ චන්ද්‍රයා 9 සිටීම මතම තත්කාල ග්‍රහබලය විශිෂ්ඨ බව පෙන්වයි. කුජ 3 රාහු 6 ශනි 10 නිසා උපචය ස්‌ථානවල පාපයන් සිටී. නැකතේ බලය පෝෂණය වනු ඇත. රටට රජයට ජනතාවට සිදුවන අවැඩදායක බව නිෂ්ප්‍රභා වේ. ගුරුගේ රවි පංචමය යොදා ගෙන ඇත. එය විෂ පංචමයක්‌ යෑයි පොත පතේ ඇත. එසේ නමුදු චන්ද්‍රයා පුර බලයෙන් ශූභ ස්‌ථානයක ඇත්නම් 10 අධිපති කේන්දරයේ බලවත්ව ඇතිනම් එය ඉතාමත් ප්‍රශස්‌ත බවත් සියලු විෂ දෝෂ භංග වන බවත් මුහුර්ත චින්තාමනියේ දැක්‌වේ. ලිප ගිනි දැල්වීමේ සිට අනුභවය දක්‌වා කාලය මිනිත්තු 48 ක්‌ ඇත. බුද පංචමය යොදා ගත හැකි වුවත් එවිට කාලය ප්‍රමාණවත් නොවනු ඇත. ලංකාවේ ශ්‍රෝෂ්ඨ යතිවරයාණන් වහන්සේ නමක්‌ව සිටි ක්‍රිස්‌තු වර්ෂ 1304 දී පමණ අත්නගලු විහාරාධිපතිව වැඩ විසූ අනවම දර්ශි සංඝරාජ හිමියන් ලියන ලද දෛවඥ කාමධෙනුවේ රවිගේ ගුරු පංචමය ශූභදායක බව දක්‌වා ඇත. එයිනුදු මෙම නැකත ප්‍රශස්‌ත බව කිවයුතුයි. නාරද සංහිතාවේ චන්ද්‍රයා 08 වැන්නේ තබාගැනීම ඉතාමත් අධම බව දක්‌වයි. එහි විවාහ ප්‍රකරන කොටසේ සඳු සිටීම ගැන සඳහන් කරතත් එය මෙයට අදාළ නැත. චන්ද්‍රdෂ්ඨ මංච ධරනි මනාර්ථ හානි මරණානි යනුවෙන් දැක්‌වෙන පරිදි චන්ද්‍රයා 8 වැන්නේ තබා යොදා ගැනීමට අනුමත කළ දුෂ්‍ය නැකතට වඩා අප නිර්දේශ කරන නැකත සියදහස්‌ ගුණයක්‌ ශ්‍රෝෂ්ඨ වෙති.

මේ අනුව 2017 අප්‍රේල් 14 වැනිදා උදේ 05.05 ට උතුරබලා ලිප ගනි දැල්වීමද 5.53 ට ආහාර අනුභවය හා වැඩ ඇල්ලීමද ඉතාමත් ප්‍රශස්‌තවන අතර රන්වන් වස්‌ත්‍රාභරණයෙන් සැරසී කටයුතු කළ යුතුය. 

ඔබ ඔබට දේශයට රටේ යහපත් පැවැත්මට හිතෛශී වන්නේ නම් මෙම නැකත යොදා ගැනීමට උත්සුක වන්න.

----------------------


වාස්‌තු විද්‍යානුකූලව පදිංචියට 
ප්‍රදේශය තෝරාගන්නේ මෙහෙමයි

නිවසක්‌ ඉදිකිරීම සඳහා තමාට සුදුසු ප්‍රදේශයක්‌ තෝරාගැනීම පළමුවෙන්ම කළ යුතු කාරිය වේ. මේ තෝරා ගැනීම දෙවැදැරුම්ය. පළමු වැන්න තමා නිවස ඉදිකරන ප්‍රදේශයේ තම එදිනෙදා කටයුතුවලට පහසු යහපත් ප්‍රදේශයක්‌ වීමයි. එයින් අදහස්‌ කළේ එම ප්‍රදේශය තුළ වෙළෙඳ පහසුකම්, ආරෝග්‍යශාල පහසුකම්, අධ්‍යාපන පහසුකම්, මාර්ග පහසුකම් යනාදියට අමතරව සොර බිය නැතිවීම, නූගතුන් වෙසෙන පෙදෙසක්‌ නොවීම, සුසානයක්‌, ගංගාවක්‌ පිටාර ගලන ප්‍රදේශයක්‌ හෝ කඳු පාමුලක්‌ වැනි තැනක්‌ නොවීම වැනි අනතුරු ස්‌ථානවලින් බැහැර ප්‍රදේශයක්‌ විය යුතුය. එම සුදුසුකම් වාස්‌තු විද්‍යාවට ඇතුළත් නොවූවත් එමඟින් ජීවත් වීමට සුදුසු වාතාවරණයක්‌ සැලසෙන බැවිනි.

එයට අමතරව ජන්මියාගේ දෛවයට ඔරොත්තු දෙන ප්‍රදේශයක - නගරයක - ගමක බිමක තෝරා ගැනීමට උනන්දු විය යුතු වෙයි. මේ සඳහා ගෙය ගොඩනඟන්නාගේ ජන්ම නැකතට හෝ අභිදාන නැකතට ගැලපෙන අයුරින් ප්‍රදේශය තෝරාගැනීමයි. ඒ සඳහා රීතිය මෙසේය.

පියදාස නමැත්තා ගෙයක්‌ ඉදිකිරීමට සූදානම් වෙතැයි උපකල්පනය කරමු. පියදාසගේ මුල් අක්‌ෂරය "පී" අකුර වේ. තිරසර ලිතේ 32 වැනි පිටුවේ නැකැත් හිමි පාද හා අක්‌ෂර යන සටහන බලන්න. එයම ඈපා ලිතේ 70 පිටුවේත් සඳහන්ය. එම සටහන අනුව "පී" අක්‌ෂරය යෙදී ඇත්තේ, උත්‍රපල් නැකතේ 4 වැනි පාදයටය. උත්‍රපල් නැකතේ 4 වැනි පාදය අයත් වන්නේ කන්‍යා ලග්නයටය. ඒ බව මතකයෙන් පෙර දැනුමෙන් මතුකර ගැනීම අමාරු නම් ලංකා ග්‍රහ ස්‌ඵුට ලිතේ 16 වැනි පිටුවේ සඳහන් "ලග්න හා ග්‍රහ ස්‌ඵුට" අනුව නවාංශක හා නැකැත් පාද දක්‌වන සටහන බලන්න.

පියදාසයේ නමේ මුල අකුර වන "පී" යන්න උත්‍රපල් නැකතට අයත් වීමත්, උත්‍රපල් නැකැත කන්‍යා ලග්නයට අයත් වන එකක්‌ බවත් මතක තබාගෙන ඊළඟ පියවරට යමු.

පියදාස ගෙය ගොඩනඟන්නේ මහරගම යෑයි ඊළඟට උපකල්පනය කරමු. මහරගම යන ග්‍රාම නාමයේ මුල් අකුර "ම" අක්‌ෂරය අයත් වන්නේ මා නැකතේ පළමු පාදයට බවත් "මා" නැකත අයත් වන්නේ සිංහ ලග්නයට බවත් පළමු සටහන් ඇසුරෙන් අවබෝධ කරගත හැකිය.

දැන් පියදාසගේ නමට අයත් කන්‍යාවේ සිට මහරගමට අයත් සිංහය දක්‌වා ලග්න ගණින විට, (කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන, මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ වශයෙන්) 12 වැනි ලග්නයට වැටේ කේන්ද්‍ර සටහනක 12 වැන්න වැය ස්‌ථානය වන සේම නිවසේ නැකත් හිමිකම 12 ට වැටෙන විට ඒ ගෙයි වාසයට අවස්‌ථාවක්‌ නොලැබෙන්නටත් ඉඩ ඇත.

වාස්‌තු විද්‍යා රීතියට අනුව 1 සහ 7 යන ලග්නයට වැටුණොත් වෛරය ඇති කරන බව ද, 3, 6 වශයෙන් යෙදුනොත් හානිය ද, 4,8,12 වශයෙන් යෙදුනොත් විවිධ රෝගවලට භාජනය වන බව ද දැක්‌වේ. 2,5,9,10,11 යන සංඛ්‍යාවකට වැටුනොත් පොදුවේ යහපත් බව ද දැක්‌වේ.

අවබෝධයේ පහසුව සඳහ අපි නැකැත් පාද දැක්‌වෙන වගු සටහන සහ නැකතට අයත් අක්‌ෂර දැක්‌වෙන වගු සටහන් මෙහි ලා සටහන් කරමු.

* ආචාර්ය පියසේන රතුවිතාන

ඉතිරි කොටස ලබන සතියේ
Share:

No comments:

Post a Comment

Ordered List

  1. Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit.
  2. Aliquam tincidunt mauris eu risus.
  3. Vestibulum auctor dapibus neque.

Sample Text

Lorem ipsum dolor sit amet, consectetur adipisicing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua. Ut enim ad minim veniam, quis nostrud exercitation test link ullamco laboris nisi ut aliquip ex ea commodo consequat.

Definition List

Definition list
Consectetur adipisicing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua.
Lorem ipsum dolor sit amet
Consectetur adipisicing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua.

Support

Need our help to upload or customize this blogger template? Contact me with details about the theme customization you need.

Pages