වර්තමාන ලෝකයේ තාක්ෂණයේ දියුණුවත් සමඟම ලොව පුරා උමතුවක් මෙන් ලොකු කුඩා කා අතරත් පරිඝනක ක්‍රීඩා ජනප්‍රියම විලාසිතාවක් වී තිබේ.ගමේ ගොඩේ දුව පැන සෙල්ලම් කළ යුගය නිමාවී පරිඝනක තිරය දෙස බලාගෙන ආරම්භ කළ කුඩා පරිඝනක ක්‍රීඩා ටිකෙන් ටික මිනිසුන් එදෙසට ඇබ්බැහි කරගැනීමට සමත් වී තිබීම මහත් ව්‍යසනයක් වෙමින් පවතින බව ලංකා වීඩියෝ සෝන් අද ඔබට පවසන මෙම තොරතුරත් සමඟම වැටහේවි.
ලොව පුරා තරුණ තරුණියන් 130 ක අධික සියදිවි නාසා ගන්න තත්වයට පත්කළ මාරක බ්ලු වේල් ගේම් එක ඔබ දන්නවා ඇති.ඇත්තෙන්ම එය මිනීමරන ක්‍රීඩාවක් නොවෙයි.එහෙත් එය නැරඹීමේදී එය අත්හදා බැලීමට තරම් දැඩි ආකර්ෂණයක් සිතට දැනීම ඇබ්බැහි වීම හා මනසින් එම ක්‍රීඩාවේ යෙදීමට උත්සහ කිරීම වැනි හේතු නිසා ව්‍යාකුල වන සිත් මිනිසුන්ව දිවි තොර කර ගන්න තත්වයට පත්කරනවා.බ්ලු වේල් ක්‍රීඩාව නිසා මිනිසුන් දිවි තොර කර ගන්න තත්වයට පත් වූ අතර ලංකා වීඩියෝ සෝන් වෙත ලැබුණු අලුත්ම තොරතුරකට අනුව බ්ලු වේල් ගේම් එ කටත් වඩා භයානක ක්‍රීඩාවක් පැමිණ තිබීමයි.එයින් සිදුවන්නේ එම ක්‍රීඩාව බලන කවුරුන් හෝ ස්ත්‍රී දුෂකයන් වීම කිවොත් ඔබ විශ්වාස කරාවිද?
මෙම ක්‍රීඩාවේ නම රේප්ලේ.
2016 වසරේ අප්‍රේල් මස 21 වන දින ජපානය විසින් ත්‍රිමාණ සජීවිකරණ ක්‍රීඩාවක් ලෙස මෙය එළිදක්වන ලදී.මෙම ක්‍රීඩාවේ ප්‍රධාන චරිතය තරුණයෙක්.මෙම ක්‍රීඩාවේ සිදුවන්නේ ඔහු විසින් මවක් හා ඇයගේ දියණියන් දෙදෙනාව දුෂණය කිරීමයි.ජපානයේ රේප්ලේ සජීවිකරණ සමාගම විසින් ආරම්භ කරන ලද මෙම ගේම් එක ආරම්භ කළ සැණින්ම ජපානයේ තහනමට ලක්විය.හේතුව මෙම ක්‍රීඩාවේ අන්තර්ගතය හා ක්‍රියාකාරකම් සියල්ල අතිශයින්ම වැඩිහිටියන්ට පමණක් සිමා වූ ඒවා වූ නමුත් මෙම ක්‍රීඩාව ඉලක්ක කර ඇත්තේ කුඩා දරුවන් ඇතුළු බාලවයස් කරුවන් වීමත්ය. ලංකා වීඩියෝ සෝන් වෙත ලැබුණු වාර්තාවට අනුව මෙම රේප් ගේම් එක නිකුත් වූ පසු ස්ත්‍රී දුෂණ, බලහත්කාරකම්, ආදී කාන්තා අපයෝජන වැඩි වශයෙන් වාර්තා වීමට පටන් ගෙන තිබෙනවා.ඒ සෑම අපයෝජකයෙක්ම මෙම ක්‍රීඩාව නැරඹු අය බවයි හෙළි වී තිබුණේ.
මෙම ක්‍රීඩාව නරඹද්දී තරුණියක් දුෂණය කිරීමට නියෝග දීමක් සිදුවන අතර තිරය මත තරුණියක් හා ශරීරය නැති අත්දෙකක් මතුවෙයි.එම අත් දෙක හසුරවීමට ක්‍රීඩාවේ නියැලෙන පුද්ගලයාට සිදුවේ.ඔහු මවුස් එක තරුණියගේ ශරීරයේ කොතැනට හෝ ගෙනගියත් තරුණියගේ එම ශරීර ඉන්ද්‍රිය නිරුවත් වෙනවා.ඒ සමඟම මවුසයේ ඊතලය වෙනුවට අත් දෙකක් පෙන්නුම් කරන අතර එම අත් තරුණියගේ එම ඉන්ද්‍රියත් සමඟ ස්පර්ශ වෙමින් ලිංගික හැඟීම් උත්සන්න කරන ක්‍රියාවන් සිදුකරනු ලබනවා.එම දර්ශන ලාබාල තරුණයන්ගේ මනස විකෘති වීමට සමත් වන බව අමුතුවෙන් කිව යුතු නොවෙයි.
බ්ලුවෙල් ක්‍රීඩාවෙන් තමන්ගේ දිවි හානිකර ගන්න උත්සහ කිරීමටත් වඩා මෙම ක්‍රීඩාව ජිවිත කිහිපයක්ම දිවි නැතිකර ගන්න තත්වයට පත්කරන බව නම් ගොසිප් වීඩියෝ සෝන් ඔබට අවධාරණය කර සිටිමු.එහෙයින් පරිඝනක ක්‍රීඩාවක නියැලීමට පෙර ඒ පිළිබඳ සොයා බලන්න.මෙවැනි බිහිසුණු ක්‍රීඩා වලින් ඔබේ දරුවත් බේරගන්න දෙමාපියන් වන ඔබගේත් වගකීමයි.