• This is default featured slide 1 title

    Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

  • This is default featured slide 2 title

    Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

  • This is default featured slide 3 title

    Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

  • This is default featured slide 4 title

    Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

  • This is default featured slide 5 title

    Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Chicken Scream Game / මොබයිල් ෆෝන් පිස්සු වට්ටන අලුත් ගේම් එක.


මොබයිල් ෆෝන් පිස්සු වට්ටන අලුත් ගේම් එක.

කාලෙන් කාලෙට මොබයිල් ගේම් මගින් අලුත් ගේම් කරළියට පැමිණෙනවා. Angry bird, Flappy Bird වගේ ගේම් ගැන ඔයාලා දන්නවානේ. ඔන්න මේ හදුන්වාදෙන
ගේම් එකේ නම තමයි Chicken Scream. මේ ගේම් එකේ විශේෂත්වය තමයි  කටහඩට අනුව සෙල්ලම් කරන්න පුළුවන් වීම. අද දවසේ හදුන්වාදුන් මෙම ගේම් එක ප්ලේ ස්ටෝ සහ ඇපල් ඇප්ස්ටෝ වෙතින් ලක්ෂ ගානක් දෙනා ඩවුන්ලෝඩ් කරලා තිබෙනවා. බලන්න ගේම් ප්ලේ වීඩියෝවක්.


මේ අපූරු ගේම් එක ඇන්ඩ්‍රොයිඩ් සඳහා  බාගන්න.




ඇපල් අයිෆෝන් සඳහා බාගන්න.




Share:

Introducing Red iPhone 7 Plus / ඇපල් සමාගම රතු පැහැති අයිෆෝන් හදුන්වාදෙයි.


ඇපල් සමාගම රතු පැහැති අයිෆෝන් හදුන්වාදෙයි.

විශේෂිත නිකුත් කිරීමක් වශයෙන් අයිෆෝන් 7 සහ 7 Plus ලෙස ඇපල් සමාගම මෙම රතු පැහැති ස්මාර්ට් දුරකතන දෙක වෙළදපොලට හදුන්වාදෙනු ලැබුවා.

ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Tim cook මහතා මෙම Special Editionඑක හදුන්වාදීම හැදින්වූයේ මෙලෙසයි.
 “The introduction of this special edition iPhone in a gorgeous red finish is our biggest (PRODUCT)RED offering to date in celebration of our partnership with (RED), and we can’t wait to get it into customers’ hands,"
   ඊයේ දිනයේ ( මාර්තු මස 24 ) සිට ඇපල් පාරිභෝගිකයන්ට මෙය ඇණවුම් කිරිමේ හැකියාව පවතින අතර එය වෙළඳපලට නිකුත් කරන්නේ සීමිත ප්‍රමාණයක් බවට වාර්තා වේ. මොවුන් එම ජංගම දුරකතනය නිපදවා ඇත්තේ ලොව පුරා වෙසෙන දුප්පත් ජනතාවට උදව් කරන සංවිධාන වලට මූල්‍යමය වශයෙන් උදව් උපකාර කිරිමට බව ඇපල් සමාගම පවසනවා.

බලන්න Review වීඩියෝවක්.


දැන් කාටත් වුවමනා ඇති මෙහි මිල දැන ගැනීමට, අයිෆොන් එකක් මිල ආරම්භ වන්නේ $749 (ලංකා රු.115,000) සහ අයිෆෝන් 7 Plus එකක් $869(ලංකා රු.135,000) ක් වෙනවා. ගිගාබයිට් 128 සහ 256 තෝරාගැනිමට හැක.


බලන්න ඡායාරූප කිහිපයක්.






Share:

Google සමාගම නවතම jacket එකක් හඳුන්වාදෙයි.




මේ දිනවල fiber තාක්ෂණය උපයෝගී කරගනිමින් Googleසමාගම නවතම jacketඑකක් නිර්මාණය කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.


මෙම jacket එක පැළද ඔබේ ස්මාට් ජංගම දුරකථනයේ Bluetooth ඔන් කිරීමෙන් අනතුරුව මෙම jacket එකේ අත මත ස්පර්ශ කිරීම හෝ තට්ටු (Tap)කිරීම මගින් දුරකතනයේ සංඥා පුවරුවේ ඇති යතුරු පාලනය කිරීමේ හැකියාව ඔබට ලැබෙනවා. මෙම jacket එක පැළද ඔබට සින්දුවක් ශ්‍රවණය කිරීමට හෝ ශ්‍රවණය කරන සින්දුවක් නැවැත්වීමට අවශ්‍ය වූ විට ඔබ කල යුත්තේ jacketඑකේ අත මත තම ඇඟිලි දෙක මගින් දෙවරක් තට්ටු කිරීම පමණයි. මෙම නවතම jacket එක මගින් ඔබගේ ජංගම දුරකථනය පහසුවෙන් පාලනය කිරීමේ හැකියාව ලැබෙනවා. මෙය හඳුන්වාදීමේ වීඩියෝව පහතින්.


මෙය ක්‍රියාත්මකවන ආකාරය දැක්වෙන වීඩියෝව පහතින්.




Share:

ලොතරැයි ප්‍රථිපල එසැනින් අතටම ලබාදෙන ලංකාවේ අපේ ඇප් එක.




ලොතරැයි ඇප් නම් ඉතින් ගොඩක් තියෙනවා, තවත් අලුත් එකක් මොකටද ? මේ ඇප් ඒවාට වඩා විශේෂයි මොකද මේකේ ලොතරැයි 

ප්‍රතිඵල වගේම කලින් මාසවල 
ප්‍රතිඵලත් අපිට හොයාගන්න පුලුවන්.සාපේක්ෂව වඩා හොද යුසර් ඉන්ටර්ෆෙසස් එකකින්ද සමන්විතයි. ඊටත් වඩා අපි ලොතරැයි ගත්තට කොහෙද ඉතින් බලන්න මතක් වෙනවායැ, අන්න එක නිසා මේ ඇප් එකේ විශේෂයෙන් බූක්මර්ක් feature එකක් දීලා තියෙනවා අපිට කරන්න තියෙන්නේ අපිට ඕනේ ලොතරැයි පත බූක්මර්ක් කරන එක විතරයි එතකොට අදාල ලොතරැයි ප්‍රතිඵලය ආවම ඇප් එක මගින් දැනුම් දෙනවා.
බලන්න ස්ක්‍රීන්ශොට්.


මෙතනින් පිවිස ඇප් එක බාගන්න.




Share:

Why is Apple's iPhone Touch ID Important



Apple iPhone 5s එක වෙළදපොළට පැමිණියේ දුරකතන ලොවේ විශාල පෙරලියක් ඇතිකරමිනි. ඒ ප්‍රථම වතාවට දුරකථනයක් සදහා finger print scan

තාක්ශණය එක් කිරීමත් සමගය. එනම් දුරකථනයක අගුලු දැමීම සදහා මුරපදයක් වෙනුවට ඇගිලි සලකුණ (finger print) එක් කිරීමය.

මෙම finger print තාක්ශණය ප්‍රබේද කිහිපියකින් ඇති අතර ඇතැම් බොහෝ අවස්ථාවලදී යම් කසි පුද්ගලයකු යෙදූ finger print මුර පදයක් සොරා ගැනීමටද, එමගින් අගුලු දැමූ මුරපදය ඒ සොරාගත් ඇගිලි සලකුණ මගින් විවෘත කීරීමටද පුලුවන්. අප්පට සිරි දැන් හිතන්න එපා එහෙම කොහොමද ඇගිලි සලකුණ හොරා ගන්නෙ කියල. මෙහෙමයි අපි නිකමට හිතමු ඔයාගෙම ඇගිලි සලකුණ කියල. ඔයා ස්පර්ශ කරන ඕනෑම වස්තුවක ඇගිලි සලකුණ පිහිටනව. අන්න ඒ ඇගිලි සලකුණ copy කරල finger print එක දාල තිබුන එකට ඒ කියන්නේ මුර පදය වෙනුවට ඒ copy කරගෙන තියල විවෘත කරගන්න පුලුවන්. මීට අමතරව මිය ගිය කෙනෙකුගේ ඇගිලි සලකුණකින් වූවද finger print lock එකක් unlock කරගන්න පුලුවන්.


නමුත් apple iPhone වල ඇති finger print එක ඉහත සදහන් කල කිසිදු කරුණකින්වත් unlock කිරීමට නොහැක. කෙටියෙන්ම කියනවනම් ඔයා මැරුණට පස්සෙ ඔයාගෙ iPhone එකට ඔයාගෙ ඇගිලි සලකුණ supportකරන්නෙ නෑ. iPhone finger print තාක්ශණය ඇගිලි සලකුණ අදුනාගන්න ක්‍රම දෙකක් තියනව.

1. Capacitive

      මෙම තාක්ෂණය ක්‍රියාත්මක වන්නේ ඔබේ සම හරහා දුවන කුඩා විද්යුකත් දාරවන් උපයෝගී කර ගනිමිනි. මන්ද සෑම සජීවි මිනිස් සිරුරකමmicro magnetic voltage එකක් අන්තර්ගත වේ. iPhone එකේ finger printතාක්ෂණය සදහා මේ ක්‍රමවේදය භාවිතා කරයි. iPhone වල touch screen එක සදහා භාවිතා කරන්නේද මෙම ක්‍රමවේදයයි.

2. Radio frequency 

       මෙම තාක්ෂණය මගින් සම මත ඇති මැරුණු සෛල සදහා සහයෝගයක් නොදක්වන අතර මැරුණු සෛල වලට යටින් ඇති සජීවි පටක සමග ක්‍රියාකරයි. ඒ තුලින් අදහස් වන්නේ මැරුණු පුද්ගලයකුගේ ඇගිලි සමග ක්‍රියා නොකරන බවයි. සියලු පටකයින් මියගිය පසු ඒ තුල ඇති සියලුම විද්‍යුත් ආරෝපනයද අතුරුදහන් වන අතර ඒ නිසා capacitive sensor සදහා සහයෝගයක් නොදක්වයි.
නමුත් finger print එක පමණක් ඉලක්ක කරගනිමින් නිශ්පාදනය වන දුරකථන සදහා මැරුණු පුද්ගලයකුගේ ඇගිලි සලකුණක් හෝ ඇලිගි සලකුණක පිටපතක් මගින්ද ප්‍රයෝජනයක් ගත හැකිය. නමත් iPhone සදහා ඒ කිසිවක් සහයෝගය නොදක්වයි. වෙළදපොලේ විවිධ වර්ගයේ ජංගම දුරකතන වලfinger print තාක්ෂණය තිබුනද දැන් ඔබම තීරණය කරන්න, සියල්ල copy කල හැක. සමකල නොහැක.

Share:

නව දුම්රිය මාර්ග හයක් ඉදිකිරීමට දුම්රිය දෙපාර්තුමේන්තුව සැරැසෙයි



නව දුම්රිය මාර්ග හයක් ඉදිකිරීමට දුම්රිය දෙපාර්තුමේන්තුව සැරැසෙයි. ඒ සඳහා ශක්‍යතා අධ්‍යයන දැන් අරඹා ඇත. පානදුර හොරණ දක්වා ද, කුරුණෑගල හබරණ හරහා දඹුල්ල දක්වා ද, මැදවච්චිය සිට ත‍්‍රිකුණාමලය දක්වා ද, වැල්වාය සිට බිබිල හරහා  බදුල්ල දක්වා ද, ත‍්‍රිකුණාමලය සිට මහව හරහා පුත්තලම දක්වා ද අලූතින් මාර්ග තැනීමට යෝජිත බවත් කැලණිවැලි  මාර්ගය  කොළඹ සිට හම්බන්තොට දක්වා දීර්ඝ කිරිමට ද යෝජිත බවත දුම්රිය සැළසුම් අධ්‍යක්ෂ විජය සමරසිංහ මහතා පැවැසීය. මාතර සිට කතරගම දක්වා දුම්රිය මාර්ගය දැන් බෙලිඅත්ත දක්වා දීරඝ කැරගෙන යයි.

Share:

මේක සංසා­ර­ගත බැඳී­මක්. වික්ටර් රත්නායකට කෝටි ගානක දේපලක් ලැබිල තියෙන්නෙත් මග‍ෙ පිනටයි - වික්ටර්ගේ ආදරය දිනූ හෂිනි රත්නායක



වික්ටර් රත්නායකයන් නැවත විවාහ වූ පුවත කනින් කොනින් ආරංචි වූ නිසා මා ඔහුගේ දුරකථන අංකය කැරකවූවා. දුරකථනයට පිළිතුරු දුන්නේ වික්ටර් රත්නායකයන්ගේ යොවුන් ප්‍රිය බිරිය හෂිනි අමේන්ද්‍රා රත්නායක මහත්මියයි.
මා මීට ටික දිනකට පෙරාතුව ‘දෛව රේඛාව’ විශේෂාංගයෙන් ඔහු ගැන ලියන්නට ඔරුවල අතුරුගිරිය වික්ටර් රත්නායකයන්ගේ නිවසට යනවිට ඇයද නිවසේ සිටියා. අපහට තේ පිළියෙල කර දුන්නේ ද ඇයයි. ඒ සිදුවීම සිහිපත් කරමින් “ඔයා එදා අපි එද්දි හිටිය හෂිනි ද?“ මම දුරකථනයෙන් විමසා සිටියා.
“ඔව්. ඔව්. ඒ මම තමයි.”
“එදා මේ ගැන මුකුත් ම කීවෙ නැහැනේ.” මම විමසුවා. එතකොට ඇය මෙහෙම කීවා.
“අපි අතර ආදර සම්බන්ධය හුඟාක් කාලෙක පටන් තිබුණු දෙයක්. ළඟදි විවාහ වූ කතාව ඇත්තයි. විවාහය ඉක්මන් වුණේ වික්ටර් රත්නායකයන්ගේ දරුවන්ගේ බලපෑම් නිසයි.
මගේ ගම ගාල්ල කන්දෙවත්ත. මහජන බැංකුවේ නිලධාරිනියක් ලෙසට ඒ කාලේ කටයුතු කළේ. මම කලින් විවාහ වෙලා හිටියා. ටික කලකින් ඒ විවාහයෙන් දික්කසාද වෙන්න සිදුවුණා. රසිකාවියක් විදිහට තමයි මම මුලින් ම වික්ටර් රත්නායක සර්ව හඳුනාගත්තේ. කාලයක් තිස්සේ ක්‍රම ක්‍රමයෙන් අපේ හිත් ආදරයෙන් බැඳුණා.
මගේ මවුපියන් පවා මේ සම්බන්ධයට තදින්ම විරුද්ධ වෙලා හිටියා. ඒත් අ‍පේ සිත් නොසැලී තිබුණා. මම ඔහුට ආදරෙයි. ඔහුත් මට ආදරෙයි. අපි අතර ලොකු වයස් පරතරයක් තිබුණත් ඒක ආදරයට, විවාහයට බාධාවක් නැහැ. අපි අවබෝධයෙන්, ආදරයෙන් ඉන්නවා.
මුල් යුගයේ අපි පවුල් වශයෙන් එකතුයි. මට අක්කලා දෙන්නෙක් ඉන්නේ. වික්ටර්ගෙයි, මගෙයි සම්බන්ධය ඉව වැටුණාම, ගෙදර අය තදින්ම විරුද්ධ වුණා. අවුරුදු 6ක් විතර වෙනවා අපේ සම්බන්ධයට. මගේ අම්මා කියලා තියනවා මම පුංචි කාලේ ඉඳලා ම වික්ටර්ගේ ගීතවලට ආසයි කියලා. මට අවුරුදු 31ක්. වික්ටර්ට අවු: 75 යි. ඒත් වයස් පරතරයක් ගැන මට දැනෙන්නේවත් නැහැ. ඒ තරමට අපි බැඳීමෙන් ඉන්නේ.
මුලින් මගේ හිතේ ඇති වුණේ ඔහු ගැන භක්තියක්, ගෞරවයක්, මම අපරදිග සංගීතය හැදෑරුවා. දේශීය සංගීතයටත් ගොඩක් ප්‍රියයි. මම වික්ටර්ට ළංවුණේ නොදැනුවත්වම. ඒ ඇසුර ආදරයකට පෙරළුණා. කවුරුන් විරුද්ධ වුණත් අපි නොසැලී හිටියා. දැන් අපි විවාහවෙලා, අපේ සම්බන්ධයට විරුද්ධ අය වගේ ම මිතුරු සිතින් අවංකව ම සුබ පතලා ආශිර්වාද කරන අයත් ඉන්නවා.
මම කාලයක් තිස්සේ වික්ටර්ව ඇසුරු කළ නිසා ඔහු මොනතරම් සංවේදී හිතක් තියන කෙනෙක් ද කියා හොඳින් ම දන්නවා. සංසාරෙ යම් බැඳීමක් තියෙන්න ඇති ඒකනේ මේ වගේ බැඳුණේ.
වයස්.... පරතරය... ගැන ගැටලුවක් නැද්ද...?
ලංකාවෙ විතරක් නෙමෙයි පිටරටවලත් කලාකරුවෝ විතරක් නෙමෙයි හුඟාක් වයස් පරතරය වැඩි අය ආදරයෙන් බැඳිලා ඉන්නවා. අපි ජීවිතය හරි සතුටින් ගෙවන්නේ. එයා වගේ කෙනෙක් ලැබීම මගේ ජීවිතයේ භාග්‍යයක් සේ සලකනවා.
අනික වික්ටර්ගේ බිරිය නැතිවෙලා අවුරුදු 13කටත් වැඩියි. දරුවන්ගේ යුතුකම් ඉටුකරලානේ තියෙන්නේ. ඉතිං මම හිතන විදියට කාටවත් කිසිම ගැටලුවක් නැහැ.
හෂිනිට... වික්ටර් ගැන තියෙන්නේ ආදරයක් ද? ගෞරවයක් ද? භක්තියක් ද? නැත්නම් මේ හැම දේකම සම්මිශ්‍රනයක් ද?
ඔව් හැමදෙයකම සම්මිශ්‍රනයක් කීවොත් නිවැරැදියි. මම එයාට හොඳින් සලකනවා.
ඔයාගේ අනාගතය ගැන බලද්දි වික්ටර් සමඟ විවාහවීමේ තීන්දුව නිවැරැදියි කියා හිතනවද?
මගේ අනාගතයටත් වඩා මම හිතන්නේ එයාගේ සුව පහසුවයි. එයාට සලකන එක මට ලොකු සතුටක්. මම කැපවීමෙන්මයි ඒ දේවල් කරන්නේ. වික්ටර්, හැම තිස්සෙ ම පන්සල් ගියේ නැතිවුණාට ආගමික කටයුතුවලට ගොඩක් කැම­ැතියි. හදවතේ බෞද්ධ දර්ශනය පිහිටලා තියනවා එයාගේ. කවුරු මොනවා කීවත් අපි අවබෝධයෙන් සෙනෙහසින් ඉන්නේ.
මේ තරමට බාධා - ගැටුම් එන්නේ අසම්මත ප්‍රේමයක් වූ නිසාද?
ආදරයට, ගැටුම්, බාධා එමටයි. අපි දෙන්නට එක්වෙන්න නීතිමය බාධාවක් නැහැනේ. සිතුම් පැතුම්, අදහස් සමාන නම් දෙදෙනා අතර ගැටුමක් නැත්නම් ආදරය ජයගන්න පුළුවනි.
වික්ටර් නැවත විවාහ වෙන බවක් එදා ‘දෛව රේඛාව’ ලිපියෙදි කියවුණේ නැහැ. අඩුගාණේ මේ ගැන හඳහනේවත් සඳහන් වෙලා තිබුණද?
මට මතකයි මීට ටික කලකට පෙර ඉන්දියාවෙන් ආපු ජ්‍යොතිෂඥයෙක් හමුවන්න අපි බම්බලපිටියට ගියා. ඒ ගියෙත් මගේ ඉල්ලීමටමයි. ඔහු අපිට සියලු විස්තර සී.ඩී. පටියකින් කියලා දුන්නා.
ඒකේ කියවෙනවා වික්ටර්ගේ ජීවිතයේ හොඳම සුවබර, සැපවත් කාලය උදා වෙන්නේ ඔහුට අවුරුදු 70න් පසු කියලා. වික්ටර්ගේ හස්ත රේඛා පරීක්ෂා කළ දෛවඥයෙක් තමයි මේ අනාවැකිය පළකළේ. ඒක අද වන විට ඇත්ත වෙලා.
අපි කිසිම මාධ්‍යයකට කිසිම දෙයක් ප්‍රකාශ කළේ නැහැ. මේ දේවල් කතා කරන්න වික්ටර් කැම­ැතිත් නැහැ. මේක අපේ මනාපය. සමහර මාධ්‍ය මඩ ගැසීමේ අරමුණින් විවිධ දේ පළකරනවා. විවිධ දේ කියනවා.
ඒත් අපි සිළුමිණ - රසඳුන ගැන විශ්වාස කරන නිසයි මේ දේවල් වුණත් බය නැතිව කීවේ. නැත්නම් විවාහය කියන්නේ දෙන්නෙක් අවබෝධය තුළින් ගැනෙන පෞද්ගලික තීන්දුවක්.
Share:

මහනුවර දළදා කරඬුව වැඩමවූ ඒක දන්තයාගේ මරණය


මහනුවර දළදා කරඬුව වැඩමවූ ඒක දන්තයාගේ මරණය
දහවල් දළඳා පෙරහැරේ කරඬුව වැඩමවූ මහනුවර දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් ‘ඒක දන්තයා‘ පස්වරු 3.30ට පමණ මියගියා.
මරණයට හේතුව ශරීරය අභ්‍යන්තරයේ ලේ ගැලීමක් බව අනාවරණයවී තිබේ.

මිය යනවිට වයස අවුරුදු 47ක් පමණ වූ ඒක දන්තයා, 1978 වසරේ මහනුවර දළදා මාලිගාවේ ඇත් පන්තියට පූජා කර ඇත්තේ විමලා කන්නන්ගර හිටපු අමාත්‍යවරියයි.
මෙරට හීලෑ ඇතුන් අතර ඒක දන්තයන් තිදෙනෙකු සිටින බවත් තවත්ව ජිවතුන් අතර සිටින්නේ හෙයියන්තුඩුවේ ඇතා සහ මල්වතු මහ නාහිමියන්ට අයත් සින්ධු ඇතා පමණක් බවත් පැවසේ.
තමන් බලාගත් හස්තියා අවසන් හුස්ම හෙලූ අයුරු ඇත්ගොව්වා විසින් බලාසිටින අයුරු කැමාරාවේ සටහන්ව තිබුනේ මෙසේය.




                                












Share:

Kyaa Super Kool Hein Hum (2012) with Sinhala Subtitles | සක්රුගේ දියමන්ති මාලය [සිංහල උපසිරසි සමඟ]



 මේකේ ඉන්නේ Housefull 1,Housefull 2Housefull 3, Great Grand Masti (2016) කියන ෆිල්ම් වලත් රඟපාපු RITEISH DESHMUKHZ දක්ෂ නළුවත් TUSSHAR යන දක්ෂ හින්දි නළුවත්, SARAH-JANE DIAS,NEHA SHARMA කියන දක්ෂ හින්දි නිළියනුත් මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත රඟපානවා. මේ කතාව ලියලා අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ SACHIN YARDI කියන අධ්‍යක්ෂකවරයා විසින්.


මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.





Share:

SL HoliDay Calendar App

කාලයත් සමඟ දැන් Day Card ලඟ තියාගන්නේ නෑනේ. ඒ නිසා ඔබගේ ස්මාර්ට් ෆෝන් එකට ඇප් එකක් ලෙසින් මේ දින දර්ශනය දාගන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ වෙළඳ සහ පොහොය දින නිවාඩු සහිතව මෙහි දින දැකගන්න පුළුවන්. මෙම ඇප් එක මගින් ඔබගේ ඇපල් ඔරලොසුවෙන්ද, ඇපල් අයිෆෝන් එකෙ Today Widget වලින්ද පහසුවෙන් නිවාඩු දින බලාගන්න පුලුවන්. ලග එන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද චාරිත්‍ර වාරිත්‍රද මෙහි අඩංගු වෙනවා. නිවාඩු දින පිළිබඳ කල්තියාම සැලසුම් කරගන්න මෙම ඇප් එකෙන් පුළුවන්. 

බලන්න ස්ක්‍රින්ශොට්.
               

DOWNLOAD NOW

                                                      

      

Share:

නහර ගැටගැසීම නිට්ටාවම සුව කර ගන්න විදිය මෙන්න..







Share:

තමන්ගේ මෝටර් රථයට ගැටුන වසු පැටවාට මහ මගදීම සැත්කමක් කල අද කාලයේ බෝධිසත්වයා..


මුදල් පසුපස මිනිසුන් යන කාලයක හරි අපුරු කතා පුවතක් සමාජ ජාලතුල වාර්තා වේනවා. තම වාහනයට හෑපුනු වැස්සියට මහ මගදී සෑත්කමක් කල තරුණ දොස්තර මහතෙකු පිළිබදව පළවන මේම පුවත අටුවා ටිකා තිප්පනි නෑතුව අප සමාජ ජාලතුල වාර්තා වුන අයුරින්ම වාර්තා කරන්නේ එම තරුණයට කරන ඈගයීමක් ලෙසිනි.

අසංග රනිල් ද අල්විස්ගේ මුහුනු පොතේන් උපුටා ගෑනීමකි

මෙම සිදුවීම වූයේ 2017/03/04 දිනයි. මාගේ සොහොයුරා වන මහරගම පිළිකා රෝහලේ ශල්‍ය ව්‍යිද්‍ය රන්දිල් ප්‍රමෝද් ද අල්විස් ඔහුගේ බිරිදගේ නැගණියගේ විවාහයේ දෙවැනි ගමන උත්සවය සදහා පිටත් වීමට එදින උදැසන 8.30 ට පමණ වැලිසර සිට කුරුණෑගල බලා තම මෝටර් රථයෙන් පිටත් විය.

ඔහු විසින් උදැසන 9ට පමණ ඔහු විසින් මා වෙත දුරකථන ඇමතුමක් ලබා දෙමින් කියා සිටියේ " ඒකල දී කාර් එකට හරකෙක් හැප්පුනා පුලුවන්නම් එන ලෙසය".

මා එම ස්ථානයට යන විට උදැසන 9.30 පමණ විය. කුරුණෑගල 05 බස් මාර්ගයේ ඒකල ිමඩම හන්දියේ සිය මීටර් 300 පමණ මිනුවන්ගොඩ දෙසට යන විට මා හට දැක ගත හැකි වුයේ දැඩි මාර්ග තදබදයක් හා සෙනග වටවී සිටින අයුරුයි.

එම ස්ථානයට ගිය විටදී මා හට දැකගත හැකි වුයේ මාගේ සොහොයුරා විසින් මෙම සත්වයාට ශල්‍යකර්මයක් සිදු කරන අයුරුයි. ඒ වන විටත් එහි බොහෝ කොටසක් ඔහු විසින් අවසන් කර තිබිණි.

මෙම අනතුර ඇසින් දුටුවන් පැවසුවේ මෙම වැස්සිය පිටුපස බල්ලෙකු එලවා ඇති අතර බියවූ වැස්සිය ප්‍රධාන මාර්ගයට වේගයෙන් දිව ආ බවත් ඒ සමගම මාගේ සොහොයුරාගේ කාර් රථයේ ගැටුණු බවත්ය.

මා යන විටත් වස්සියගේ අයිතිකාරියද පැමිණ සිටි අතර ඇය වයස්ගත දිලිදු කාන්තාවක් බව පෙනුනි.

ඇසින් දුටුවන් පැවසුවේ අනතුර සිදුවූ වහාම මාගේ සොහොයුරා කාර් රථය නවතා පැමිණ එතන සිටි ඇය සමග සතාව මහා මාර්ගයෙන් ඉවත් කරගත් බවයි.

සතාගේ ඉදිරි පාද දෙකම කාර් රථයේ බොනට්ටුවේ වැදීම නිසා එක් පාදයක අස්ථියක් බිදී එලියට පැමිණ තිබිණි.

මා යන විටත් මාගේ සොහොයුරා එම බිදී ගිය අස්ථිය සකසා මැහුම් දමමින් සිටි අතර එම අනතුර අහම්බෙන් දැක එම ස්ථානයට පැමිණි කොළඹ ජාතික රෝහලේ තාක්ෂණික ශිල්පී මහත්මෙයෙකුද අවශ්‍ය බෙහෙත් හා ශල්‍ය උපකරණ ජා ඇල ට ගොස් ගෙන එමින් ඒ සදහා සහයෝගය දැක්වූ අතර ඒ අසල සිටි ඉලෙක්ට්‍රික් වැඩපලක මහත්මයෙක්ද සහයෝගය ලබා දුනි.

අවසානයේ සාර්ථක ශල්‍ය කර්මයකින් පසු සතා අයිතිකාරිය පින් දෙමින් රැගෙන යන ලදී.

මල්ලි විසින් වාහනයේ රක්ෂණයට දැනුම් දුන්නේ ඉන් පසුවය, ඔහු රථයට සිදුවී ඇති හානිය දැක්කේ එවිටය.

රථය පණගන්වන්නට පවා නොහැකි ලෙස එන්ජිම කොටසද හානි වී තිබිණි.ඉන් පසුව එය ලොරියකට පටවා ගරාජයක් වෙත ගෙනයන ලදී.

මෙහි ඇති වටිනාම නම් "තමාගේ කිසිදු වරදකින් මෙම අනතුර සිදු නොවුවත් හරි වැරැද්ද තබා තමාගේ වාහනය හෝ තමා පිටත්වන්නට ගිය ගමන ගැන හෝ නොසිතා පළමුව සතාගේ ජීවිතය බේරාගන්නට කරන ලද කැපකිරීමයි.

තම ශල්‍ය ව්‍යිද්‍යා දැනුම මිනිසුන්ට මෙන්ම තිරිසන් සතාටත් එකසේම ලබා දුන් සොයුර ඔබ ගැන මා හට කියන්න වචන නැත.

අවසන් වශයේ කියන්නට ඇත්තේ රුපියල් ලක්ෂ 120 ක් තිබු පමණින් ජීවකයකු විය නොහැකි බවත් ඉන් ඔබ්බට ගිය මුළු මිනිස් හා සත්ව සංහතියටම දායාද කල හැකි මෙත්තා ගුණය හදවත් තුල තිබිය යුතු බවත්ය








Share:

වික්ටර් රත්නායකගේ පෙම දෙදරා යයි.. වැඩි විස්තර මෙන්න..

CLICK TO PLAY BUTTON WATCH THE VIDEO

Share:

Ordered List

  1. Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit.
  2. Aliquam tincidunt mauris eu risus.
  3. Vestibulum auctor dapibus neque.

Sample Text

Lorem ipsum dolor sit amet, consectetur adipisicing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua. Ut enim ad minim veniam, quis nostrud exercitation test link ullamco laboris nisi ut aliquip ex ea commodo consequat.

Definition List

Definition list
Consectetur adipisicing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua.
Lorem ipsum dolor sit amet
Consectetur adipisicing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua.

Support

Need our help to upload or customize this blogger template? Contact me with details about the theme customization you need.

Pages